පකුණ්ඩක නම් මම ය

by
Special Price රු. 360.00 Regular Price රු. 400.00
In stock
SKU
pakundaka-nam-mama-ya-a-m-karunarathne-dayawansha

ක්‍රි. ව. හයවන සියවසේදී පමණ රචිත යැයි සැළකෙන ලංකාවේ ශ්‍රේෂ්ඨතම ඉතිහාස මූලාශ්‍රය ලෙස පිළිගැනෙන මහාවංසයට යටත් පිරිසෙයින් වසර සියයකටවත් පෙරාතුව, එනම් පස්වැනි සියවසේ පමණ රචනා වන්නට ඇතැයි සැළකෙන ‘දීපවංසයේ’ මුල් යුගයේ ලංකා ඉතිහාසයේ ඇතැම් තොරතුරු ‘මහාවංසයේ’ දැක්වෙන තොරතුරුවලට වෙනස් වෙයි. ‘මහාවංසයේ’, ‘පණ්ඩුකාභය’ පිළිබඳව එන කතාව එබන්දකි. ‘දීපවංසයේ’ ඔහු හඳුන්වන්නේ ‘පකුණ්ඩක’ ලෙසිනි. මේ පකුණ්ඩක ස්වදේශිකයෙකු ලෙස සැළකීමට ඇති තොරතුරු බොහෝය.

‘දීඝගාමිණී’ හා ‘උන්මාද චිත්‍රා’ පිළිබඳ මහාවංසයේ නිර්මිත කතාවට පරිබාහිරව දැක්වෙන එම තොරතුරු ඒ යුගය පිළිබඳව කියැවෙන සත්‍ය කතාව ලෙස සැළකිය හැකි යැයි මම සිතමි. 

“පකුණ්ඩක නම් මම ය” නමැති මෙම නවකතාව සංගෘහිත වන්නේ ඒ දීපවංසයේ එන කතාව පාදක කරගෙනය. එහෙත් මෙය ඉතිහාස කතාවක් නොවේ. සැබැවින්ම ඒ යුගයේ සිදු වූ සත්‍ය සිද්ධීන් පාදක කරගත් නව ප්‍රබන්ධයකි.

Author ඒ.එම්. කරුණාරත්න - A. M. Karunarathne (7)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 9789556861891
පිටු ගණන 247
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පකුණ්ඩක නම් මම ය
Back to Top