දම්පාට වලාකුළු

Special Price රු. 300.00 Regular Price රු. 375.00
In stock
SKU
dampata-walakulu-anna-kumari-surasa
Author ඈන් කුමාරි රන්දෙණිය - Ann Kumari Randeniya (1)
Publisher සුරස - Surasa (fast publishing) (613)
නිමල් විසින් පුබුදු කරන ලද ආසාවන්ගෙන් මිරිකී සිටි නිවර්තනාට සියල්ලට වඩා ඔහුට උවමනා විය. මෙතරම්ම දැඩි තීරණයක් ගැනීම තබා තමාට අවශ්‍ය දෙයක් ගැන කෙළින් කියා පෑමටවත් ශක්තියක් නොතිබු නිවර්තනා අමුතුම ගැහැනියකව සිටියාය. තමා සතු ඇඳුම් පැලඳුම් හා රන් ආභරණ එක්රැස් කර බෑගයේ ඇසුරූ නිවර්තනා මඳක් ඒ දෙස බලා සිටියාය. අතපැන් වත් කොට පෝරු මස්තකයේ මනාලියක වී කුල සිරිතට මෙහි පැමිණි ඇයට තම පවුලට කිසිසේත්ම නොගැලපෙන පුද්ගලයෙකු හා මෙලෙස රහසේ පලා යාමට සිදුවීම ගැන ඇය තැවුණාය. හේෂාන් හා ඔහුගේ මව කෙරෙහි දැඩි කෝපයක් නිවර්තනාට ඇති විය. තමා සිරගත කළ හේෂාන් පැළඳු මංගල මුදුව තවමත් තම අතැඟිල්ලේ තිබීම ගැන ඇය උරණ වුවත් එය ගළවා විසි කර දමන්නට තරම් ආත්ම ශක්තියක් නොවීය. එහෙත් තමා දෙස බලා සමච්චලයෙන් සිනාසෙන හේෂාන්ට ඇය සපත්තුවකින් දමා ගැසුවාය. නිදන කාමරයේ වූ තමා මින් පෙර ඉතා ප්‍රිය කළ ඔහුගේ සේයාරුව බිම වැටී බිඳී විසිරී ගියේය.
More Information
ISBN 9789556776287
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දම්පාට වලාකුළු
Back to Top