ඇදහිය නොහැකි නිහඬතාව

Special Price රු. 360.00 Regular Price රු. 400.00
In stock
SKU
adahiya-nohaki-nihadathawa-champa-godage

සෑම රාත්‍රියකම ඇය
කළුවර කුට්ටි කැපුවාය.
ඒවා ලොකු බිස්කට් පෙට්ටි තුළ
සීරුවෙන් ඇසිරුවාය.
කළුවර කුට්ටි කපා අයින් කළ
ස්ථානවලින් හිඩැස් මතු විය.
ඒ හිඩැස් අතරින්
ඇය ආලෝකය සොයා ගත්තාය.
කළුවර ඇය සොයා එන්නේ ද
ඇය කළුවර සොයා යන්නේ දැයි
ඇය නොදන්නීය.
කළුවර සදාකාලිකව පවතී.
අන්ධකාර රාත්‍රීන්වල රැහැයි හඬ
ඇදී ආවේ ද මේ කළුවර මැදිනි.
එහෙත් රැහැයි නාදේ
කළුවර ගෑවී තිබුණේ නැත.
ඒ හඬ කළුවර පීරාගෙන ඇය
ළඟට විත් ඔච්චම් කර යන්නට
ගියේය.
නොනවත්වා එක දිගට බක බක
ගානා ගෙම්බන්ගේ ශබ්දය ඇය
කරා ආවේ ද
ඒ කළුවර මැදින්මය.
සූර්යයා බැස ගිය පසු ලෝකයා
අන්ධකාරයේ සැඟවී යයි.
එය ඉතා සරලය
එහෙත් ඒ සරල බව තුළ
ලොකු කතාවක් තිබුණි.
දම්සරණි ඒ කතාවට කැමතියි.
ඇය ඒ කතාව තුළින්
මිනිසාගේ කතාවේ සත්‍ය
සොයන්නීය.
සැබෑවටම ඇය සිටින්නී ද?
එය ගැටලුවකි.
Author චම්පා වෛද්‍යතිලක - Champa Waidyathilaka (2)
Publisher ගොඩගේ - Godage (441)
More Information
ISBN 9789553055620
පිටු ගණන 216
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඇදහිය නොහැකි නිහඬතාව
Back to Top