දිගාමඩුල්ලේ අපේ ඉස්කෝලේ

Special Price රු. 323.00 Regular Price රු. 380.00
In stock
SKU
digamadulle-ape-iskole-chandrathilaka-bandara-sooriya

1950 - 60 දසකවල දළු ලා වර්ධනය වූ ශ්‍රී ලංකාවේ මධ්‍ය හා මහා විද්‍යාලවලින් බිහි වූ උගතුන් නිර්මාණය කිරීමට බල පෑ පරිසරය පිළිබඳවත්, ඒ සඳහා සක්‍රීය දායකත්වයක් සැපයූ එම කාලයේ ගුරු උතුමන් පිළිබඳවත් පහන් සිතින් ලියන ලද අත්දැකීම් සමුදායක් මෙම පොත් පිංචෙන් ඉදිරිපත් වේ. මෙම ඉදිරිපත් කිරීම කෙතරම් ප්‍රසංශනීය ද යත්, එම යුගයේ පාසල් අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනෙකුට මැවී පෙනෙන්නේ මේ තමාගේ ම පාසල් සමය පිළිබඳව පවසන ජීවන වෘත්තාන්තයක් බවයි. මහා සංකීර්ණ සමාජයක් නොතිබූ එකල ගැමි දරුවන්ගේ පෞරුෂය ගොඩනැංවූ ගුරු පරපුරක්, සජීවී සීමිත පොත්පත් සංඛ්‍යාවක්, කෙතරම් දුරට නිර්මාණශීලී මිනිසුන් බිහි කළේ ද යන්න මෙම කෘතිය අප සැමට පසක් කර දෙයි. ජාත්‍යන්තර අධ්‍යාපනික විශේෂඥ උපදෙස්වලින්තොරව, ජාතියකට අවශ්‍ය නිරවුල් හා නිවහල් චින්තනයක් බිහිකළ මෙම අධ්‍යාපන ක්‍රමය වර්තමානයට අවශ්‍ය නොවන්නේ මන්දැයි මම උදක්ම ප්‍රශ්න කරමි. 

ආචාර්ය චන්ද්‍රතිලක බණ්ඩාර මහතා, ඔහුගේ උචිත අනුචිත විවේක බුද්ධියෙන් හා අපූර්ව වස්තු නිර්මාණයෙන් ස්වකීය ප්‍රතිභාවප්‍රකට කරන මෙම කෘතිය කියවා බැලීමටත් එය සක්‍රීයව, සජීවිව ඔබේ දුරුවන්ට කියවන්නට නිර්දේශ කිරීමටත් දෙමව්පියන්වශයෙන් උනන්දු වන්නේ නම් එය මහත් භාග්‍යයක් ලෙස සලකමි.

ජේෂ්ඨ මහාචාර්ය එච්. එම. ඩී. ආර්, හේරත්

සමාජ විද්‍යා අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Author ආචාර්ය එල්.ඩබ්.චන්ද්‍රතිලක බණ්ඩාර - Chandrathilaka Bandara (4)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556564341
පිටු ගණන 128
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දිගාමඩුල්ලේ අපේ ඉස්කෝලේ
Back to Top