කර්නල් සහ එරෙන්දිරා

Special Price රු. 450.00 Regular Price රු. 500.00
In stock
SKU
karnal-saha-erendira-janaka-gabriel-widarshana

මාර්කස්ගේ කතා කලාවේ හා රීතියේ සංකීර්ණත්වය හඳුනා ගැනීම පහසු කිරීමට මෙන් එකිනෙකට පටහැනි ශෛලීන් දෙකක කතා දෙකක් මෙම ග්‍රන්ථයේදී ජනක අපට හඳුන්වා දෙයි. කර්නල්' කතාවේ චරිත හා සිදුවීම් එක්තරා නිශ්චිත සමාජ ඓතිහාසික අවධියක සැබැවින්ම වූ යථාර්ථයක් වශයෙන් තාත්විකව ඉදිරිපත් කෙරෙයි. ඔවුන්ට සිදුවී ඇති අසාධාරණය තීව්‍ර වන විධියට නිරූපණය වන තරමට එම අත්දැකීම් සාර්ව භෞමික ලෙස මානවවාදීව විග්‍රහ වෙයි... අද්දි බූත යැයි හැගෙන සිදුවීම් සමුදායක් ඇමිණී ගොනුවී ඇති දෙවන කතාව වන 'එරෙන්දිරා' කියවන විට බොහෝ දෙනා කතා කරන ඉන්ද්‍රජාලික යථාර්ථ රීතිය පිළිබද සාකච්ඡාවකට අප යොමු කරයි. එබඳු සංවාදයකින් රචනාවේ සැගවුණු ජීවිත අර්ථ හා ආකෘතිමය අර්ථ බොහෝමයක් ප්‍රභාවිත වෙයි. එසේ නමුදු කතා දෙකේම රචනා ශෛලියේ හේතුඵල වශයෙන් තාර්කානුකූලව සිද්ධි ගලපා ඇති ආකාරය අනුව ඒ දෙකම ' යථාර්ථවාදී' වෙයි.

අද්භුත සේ පෙනෙන එරෙන්දිරා කර්නල් සේම යථාර්ථවාදියි

සයිමන් නවගත්තේගම

යුක්තිය 1997 ජූනි 8

Author Gabriel Garcia Marquez -ගබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස් (11), Janaka Inimankada (1)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (199)
More Information
ISBN 9789559616207
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කර්නල් සහ එරෙන්දිරා
Back to Top