නො 999 බංගලාව

Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
no-999-bangalawa-jayashanka-karunarathna-dayawansha-jayakodi

ජයශංඛ කරුණාරත්න

නො. 999

බංගලාව 

1

පෙර දිනක රාත්‍රියේ කවුළුව අසලදී දුටු බියකරු මුහුණ ඇගේ මනසේ ඇඳී ගියේය. එවිට දෙනෙත් තුළ විදුලි කොටන්නාක් මෙන් ඇයට දැනිණ. මුළු සිරුරම පොරෝණාවකින් වසාගත් ඇය දෙවියන් යදින්නට වූවාය. මඳ වේලාවකින් ඇගේ සිතට මහත් සැහැල්ලුවක් දැනුණු අතර ඇගේ ශරීරය සයනය මතින් අහසට එසවෙන බවක් දැනිණ. ඇය ඉතා තදින් දෙනෙත් පියා ගත්තාය.

මැදිරියේ වූ සියලුම බඩුබාහිරාදිය පොළොවෙන් උඩට එසවී භ්‍රමණය වන්නා මෙන් ඇයට හැඟිණ. මැදිරිය හරහා පුළුන් රොදක් මෙන් පියඹා යනවා වැනි හැඟීමක් සිත තුළ ජනිත වත්ම ඇය දෙනෙත් විවර කර බැලුවාය. එවිට පැසේජය ඔස්සේ තමා පියමනිමින් සිටින බව ඇයට පෙනිණ. ඝන අඳුරේ ගිලී තිබුණු පැසේජයේ අඩවන්ව තිබූ ද්වාරය අතරින් ආලෝක කදම්භයක් මුළුතැන්ගෙය තුළට ගලා එමින් තිබුණේය.

 

Author ජයශංඛ කරුණාරත්න - Jayashankha Karunarathne (13)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 9789556863550
පිටු ගණන 264
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නො 999 බංගලාව
Back to Top