සුදු වැද්දා 2

Special Price රු. 315.00 Regular Price රු. 350.00
In stock
SKU
sudu-wadda-2-niwton-gunasekara-dayawansha-jayakody

නිව්ටන් ගුණසේකර

සුදු වැද්දා - 2

දොස්තර ආර්. එල්. ස්පිට්ල්ගේ “ද වයිල්ඩ් වයිට් බෝයි” නම් රමණීය වෘත්තාන්තය “සුදු වැද්දා” නමින් එදා සිංහලෙන්ම ප්‍රකාශයට පත් වූ කළ ඊට ලද පාඨක ප්‍රතිචාරය අතිමහත් විය. අලෙවි වාර්තා තැබූ කෘතියක් සේ සැලකෙන “සුදු වැද්දා” නවකතාව දොස්තර ස්පිට්ල් විසින් නිම කොට ඇත්තේ එහි දෙවන කොටස ද ලියන්නට ඉඩකඩ තබමිනි.

“මහබැද්දේ සුදු වැද්දා” නමින් නිව්ටන් ගුණසේකර විසින් සිංහලයට පරිවර්තනය කරන ලද එම කෘතියේ දෙවන කොටස ද ඔහු “සුදු වැද්දා - 2” නමින් ප්‍රතිනිර්මාණය කෙට ඇත්තේ අපූරු සාහිත්‍ය සිත්තමක් අඳින ශූර සිත්තරෙක් විලසිනි. ස්පිට්ල්ගේ මුල් නිර්මායට අසාරධාරණයක් සිදු නොවන අයුරින් හා එහි මූලික රසය හා අපූර්වත්වය රැකගනිමින් “සුදු වැද්දා - 2” රචනාකොට තිබීමේන එව වෘත්තාන්තය දැන් අංග සම්පූර්ණ කෘතියක් බවට පත් වෙනවා පමණක් නොව සිංහල පරිවර්තනයක දෙවන කොටසක් මුල් වරට අලුතින්ම ප්‍රතිනිර්මාණය කිරීම අතින් ද මෙය වත්මන් සාහිත්‍යයේ නව කඩඉමක් ද සනිටුහන් කරනු ඇත.

 

Author නිව්ටන් ගුණසේකර - Newton Gunasekara (19)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 9789555519632
පිටු ගණන 174
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සුදු වැද්දා 2
Back to Top
Related Products