නොක්ස් දුටු ලක්දිව

Special Price රු. 1,360.00 Regular Price රු. 1,600.00
In stock
SKU
knox-dutu-lakdiwa-robert-premachandra-alvis-sooriya

ශ්‍රී ලංකාව ගැන ඉංග්‍රීසියෙන් ලියැවුණු චිරප්‍රකට ග්‍රන්ථය 1681 දී ප්‍රකාශයට පත් වූයේ ය. ඒ වූ කලී රොබට් නොක්ස්ගේ  AN HISTORICAL RELATION OF THE ISLAND CEYLON, IN THE EAST-INDIES නමැති සර්ව කාලීන ශාස්ත්‍රීයකෘතියේ එතෙක් ප්‍රකාශයට පත් ප්‍රථම මුද්‍රණයයි. එය දිවයිනේ මධ්‍ය කාලීන සමාජයේ ශිෂ්‍ය පරම්පරාවේත් විවිධ ප්‍රාඥයන්ගේත් නිත්‍ය මූලාශ්‍ර ග්‍රන්ථයක් බවට පත්ව තිබේ. පුරාතන සාහිත්‍ය වංශයේ සුවිශේෂ පාඨක ප්‍රතිග්‍රහණයට පාත්‍රව පවත්නා මේ කෘතිය එහි මූලික ස්වරූපයේ හා මුද්‍රණ ස්වභාවයේ වෙනසක් නොමැතිව ප්‍රකාශයට පත් වීම නිසා එය පොත් එක් රැස් කරන්නන්ගේ ආකර්ෂණයක් බවට ද පත්ව තිබේ. කර්තෘවරයා ද කන්ද උඩරට රාජධානිය තුළ ගත කළ සිපිරි ජීවිතය පිළිබඳ තොරතුරුත්. ඔහුගේ වාග් විලාසයෙන් ප්‍රකට වන සූක්ෂම දෘෂ්ටියත්, විවෘත මනසින් ඔහු යෙදෙන සමාජ විද්‍යාත්මක නිරීක්ෂණයේ විශිෂ්ටතාවත්ඒකාබද්ධ වීමෙන් මේ කෘතිය සාම්ප්‍රදායික සංස්කෘතියේ සාරයත්, එහි සමකාලීන විශිෂ්ටත්වයත් එක සේ උද්දීපනය කරන මාහැඟි රමණිය ඓතිහාසික ලේඛනයක් බවට පත් වන්නේ ය. 

ඉංග්‍රීසි ජාතික නාවිකයකු වූ රොබට් නොක්ස්ගේ හා අසාමාන්‍ය දේව භක්තියකින් යුත් මාතාවක වූ නී බොනෙල් නොක්ස්ගේත් පුතකු වශයෙන් රොබට් නොක්ස් 1641 පෙබරවාරි 8 වැනි දා මෙලොව එළිය දුටුවේ ය. ඔහුට වැඩිමහල් සහෝදරියක් හා බාල සහෝදරයෙක් ද වූහ. හතරවැනි වියේදී පළමුවෙන් ම මුහුදට ගිය රොබට් නොක්ස් ඔහුගේ පියාගේ 'ඈන්' නමැති අලුත් ම නැවෙන් ඉන්දීය සාගරයෙහි සංචාරයක යෙදුණේ ය. 1657 දී නොක්ස් පෙරළා ලන්ඩනයට පැමිණෙන විට ඔහුගේ මව පරලෝ සැපත්ව වසරක් ගත වී තිබිණ. මුලදී පියාගෙන් එල්ල වුණු විරෝධය ද නොතකා රොබට් නොක්ස් ඈන් නෞකාවේ ම නැවියකු වශයෙන් සේවයට බැඳුණේ එය ඉංග්‍රීසි නැගෙනහිර ඉන්දියා වෙළෙඳ සමාගම' සතුවය. 1658 ජනවාරි 21 වැනි දින සිය දෛවෝපගත සචාරය ආරම්භ කළ පසු කලක ඔහු ගේ ස්වයං චරිතාපදානයෙහි මෙසේ සටහන් කළේ ය. "මගේ පියාත්, මගේ ම ජීවිතයත්, මගේ යෞවනයත්, 1680 දක්වා වසර විසි තුනක ජීවිත අපේක්ෂාත්, ව්‍යාපාරය වෙනුවෙන් කැප කරන්නට මට සිදු විය.”

AN HISTORICAL RELATION OF THE ISLAND CEYLON, IN THE EAST-INDIES නම් මා හැඟි ග්‍රන්ථය සිංහලට නඟන ප්‍රේමචන්ද්‍ර අල්විස්, හොඳම පරිවර්තක ලෙස කිහිප වරක් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ කෘතහස්ත පරිවර්තකයකු හා ලේඛකයකු වෙයි. තිස් පස් වසරක රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන “දිනමින” කර්තෘ මණ්ඩලයේ සේවයට බැඳුණු මේ ලේඛකයා එහි සත් වසරක සේවා කාලයෙන් අනතුරුව “ලංකාදීප” කර්තෘ මණ්ඩලයට එක්ව, අදත් එහි සේවය කරයි.

Author ප්‍රේමචන්ද්‍ර අල්විස් - Premachandra Alvis (8), Robert Knox (2)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789558892459
පිටු ගණන 415
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නොක්ස් දුටු ලක්දිව
Back to Top