ටිකිරිහාමු

Special Price රු. 990.00 Regular Price රු. 1,100.00
In stock
SKU
tikirihamu-jayakody-senewirathna-dayawansha-jayakody
Author ජයකොඩි සෙනෙවිරත්න - Jayakodi Senevirathne (72)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
පේරාදෙණියේ සිට පැමිණි මධුපාණී උඩුමහලට නො ගොස් සෝපාවෙහි ඉඳ කල්පනා කරයි. මව එතැනට එයි. "ඇයි පුතේ තව්මැරිල වගේ? ගමන් තෙහෙට්ටුවද?" "තෙහෙට්ටුවක් නම් නෑ" "එහෙනම් මොකද නිකම් සසර කළකිරිල වගේ?" "නෑ අම්මා... මට ගෙදර එන්න තාත්තා මිනිස්ට්‍රි එකේ වෙහිකල් එකක් එවන බව දන්නවනං මම බස් එකේ හරි ට්‍රේන් එකේ හරි එනවා" "හරි වැඩක්නෙ...ඒකද මූණ දික්කරගෙන ඉන්නේ?" "වාහනය දැක්ක ගමං, ආ උඹටත් දැන් මිනිස්ට්‍රි එකේ වාහනයක් හම්බු වෙලා නේද කියල යුනි එකේ කොල්ලෝ කෙල්ලෝ මට වදේ ගහන්න පටන් ගත්තා...මට හරි ලජ්ජ හිතුණා." "යස වැඩක්නේ...ලජ්ජා හිතෙන්නෙ මොකටද? ආඩම්බර වෙන්න එපායැ ළමයො. එහෙනම් ඇමති කෙනෙක්ගේ දුවෙක් වෙච්ච එක ගැනත් ඔයාට ලජ්ජා හිතෙනවා නැතෑ." " තාත්තා ඇමති කෙනෙක් වීම ගැන ලජ්ජා වෙන්න සිද්ධ වෙන වෙලාවලුත් තියෙනවා තමා. කොහොමටත් මම ඒ ගැන ආඩම්බර වෙන්නෙ නම් නෑ."
More Information
ISBN 9789556864014
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ටිකිරිහාමු
Back to Top