සිවිල් සමාජයේ අරගලය

by
Special Price රු. 424.00 Regular Price රු. 530.00
In stock
SKU
siwil-samajaye-aragalaya-sarath-wijesooriya-wijesooriya

වත්මන් ආණ්ඩුව සහ සිවිල් සමාජය නියෝජනය කරන නීති ගරුක පුරවැසියන් අතර පැහැදිලිවම අරගලයක් අද පවතී. ආණ්ඩුව නිවැරදි මාවතක ගමන් කිරීම දැකීම සිවිල් සමාජයේ අපේක්ෂාවයි. ඒ අපේක්ෂාව මුඳුන්පත් නොවන විට හඬ නැඟීම සිවිල් සමාජයේ වගකීමක් වී තිබේ. සිවිල් සමාජයට පුරවැසියන් සමඟ තිබෙන බැඳීම ඊට හේතුවයි. 

දූෂණ වංචා සහ අපරාද සම්බන්ධ පරීක්ෂණ නිමකොට වැරදිකරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්ති ඉතා අවලස්සනය. ආණ්ඩුවේ නාස්තිය සහ දූෂණය මෝරා වැඩෙන තත්වයක් විද්‍යාමානය. සම්මුතිවාදී ආණ්ඩුවක් පැවතුණද අළුයට ගිනි වැනි බල අරගලයක් මෝදුවෙමින් තිබේ. මේ පසුබිම තුළ සිවිල් සමාජය ආණ්ඩුවට අභියෝග කිරීමට පෙළඹී සිටින්නේ වත්මන් පාලකයන් රට අභිමුව තැබූ ප්‍රතිඥා සිහි කැඳවීමටය. 

රාජ්‍ය පාලනයට බලය හිමිකර ගත් පසුව පුරවැසියන් මුළා කරමින් ආණ්ඩුවක් පෞද්ගලික න්‍යාය පත්‍ර ඔස්සේ කටයුතු කිරීම වරදකි. ඊට පුරවැසියන් තවදුරටත් ඉඩ නොදිය යුතුය. ඒ වෙනුවෙන් සිවිල් සමාජයේ අරගලය අකම්පිතව දියත් කළ යුතුව තිබේ. ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට තිබෙන එකම මාවත එය වන්නේය. 

Author සරත් විජේසූරිය - Sarath Wijesooriya (67)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (498)
More Information
ISBN 9789556912142
පිටු ගණන 392
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිවිල් සමාජයේ අරගලය
Back to Top
Related Products