සුද්දීලාගේ කතාව

by
Special Price රු. 1,080.00 Regular Price රු. 1,350.00
In stock
SKU
suddilage-kathawa-saiman-nawagaththegama-fast-surasa
රොමියෙල් අයියාර්සී කාරයෙකි. සුද්දි සිදාදියෙන් ගමට ආ ගැහැනියෙකි. සිරිමෙවන් මුදලාලි පහත රටින් පැමිණ වෙළඳ ව්‍යාපාරයක් අරඹයි. නිදන් රකිනා බහිරවයෙකු මෙන් අරච්චිල තම පරවේණි ආරක්ෂා කරගෙන සිටී. පාර්ලිමේන්තුවේ සිට අඳ ගොවි පනත සැඩ සුළඟක් මෙන් ගම දිහාට හමා ආ විට මේ දෙතුන් දෙනා මාරාන්තික කායික මානසික අරගලයකට පැටලෙති. ඔවුන්ට මද සහනයක් ලැබෙන්නේ උතුරා යන කාම තෘෂ්ණාවෙන් තෙත්වුණු සුද්දිගේ පහසින් පමණි. මෙය ආර්ථික සමාජ විවරණයකි. මානසික විග්‍රහයකි. රහස් පරීක්‍ෂක කතාවකි. නිරෝගී දැවැන්ත පුරුෂයින්ගේ හා ගැහැණුන්ගේ කාම අරගලය පිළිබඳ ලිංගික විද්‍යාත්මක රචනාවකි.
Author සයිමන් නවගත්තේගම - Saiman Nawagaththegama (9)
Publisher සුරස - Surasa (fast publishing) (613)

දෙකොටසකින් යුතුව ප්‍රකාශයට පත් වූ දීර්ඝ නවකතාවක් වන ‘සුද්දිලාගේ කතාව‘, සුද්දි නැමැත්තියගේ ජීවන පුවත නිරූපිත අවස්ථාවක් නොවේ. සුද්දි නැමැත්තිය ද ඇතුළු ඈ වටා සිටින පිරිසකගේ ජීවිත දකින අවස්ථාවක් ද නොවේ. නියත වශයෙන්ම ‘සුද්දිලාගේ කතාව‘ සයිමන් නවගත්තේගම ගේ දේශපාලනික දැක්ම හා අවබෝධය ලාංකික සමාජයේ සිදුවූ එක් පරිවර්තන අවස්ථාවක් සමඟ ගණුදෙනු කළ අවස්ථාවකි. සුද්දි හා සුද්දි වටා සිටින පිරිස මෙකරුණු ප්‍රකාශ කරන්නට දායක කර ගත්තවුන් පමණි. සුද්දී, නවකතාවට පසුබිම් වන දුෂ්කර - පිටිසර ගම්මානයට නගරයේ සිට එන තරමක ජේත්තුකාර, රූපත් ස්ත්‍රියකි. ඈ මුළුමනින්ම නාගරික ආකල්ප දරන නාගරික නිෂ්පාදනයක් නොවේ. පසුකාලයේදී වුව ඈ වෙතින් මූර්තිමත් වන්නේ නාගරික ආකල්ප ද, ගැමි ජීවිතයේ මූලිකාංග ද මුසු වූ ගැහැනියකගේ චරිත ලක්ෂණයි.

More Information
ISBN 9789556771220
පිටු ගණන 394
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සුද්දීලාගේ කතාව
Back to Top
Related Products