1818 උඩරට මහ කැරැල්ල

Special Price රු. 2,125.00 Regular Price රු. 2,500.00
Out of stock
SKU
1818-udarata-maha-karalla-thennakoon-rathnayake-sooriya

‘1818 උඩරට මහ කැරැල්ල’ නම් වූ මේ ග්‍රන්ථය දරා සිටින්නේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ මෙරට සිටි ඉංග්‍රීසි ජාතික පාලකයන්ගේ ද, ඔවුනට පක්ෂව දීනව, ඔවුන්ගෙන් ලැබෙන තනතුරු තාන්නමාන්න ආදිය ලෝභීව ලංකා මාතෘභූමියට එරෙහිව ගිය මෙරට ප්‍රභූවරුන්ගේ පටන් පහළම සමාජ ස්ථරයන්ට අයත් වැසියන්ගේ මෙන්ම, ඉන්ද්‍රඛීලයක් සේ නො සැලී ඔවුනට එරෙහි ව ජාතියේ ස්වාධීනත්වය පතා යුද වැද තම අඹුදරු දේපළ මතු නොව පණනල ද අහිමි කර ගත්තා වූ දේශප්‍රේමීන්ගේ වෘත්තාන්තය වන්නේ ය. බ්‍රිතාන්‍යයන්ගේ, මෙරට ප්‍රභූවරුන්ගේ මෙන්ම සාමාන්‍ය රටවැසියන්ගේ ද ලියුම් කියුම් සම්මුඛ සාකච්ඡා හා නඩු විභාග අඩංගු මෙහි අන්තර්ගතය ඔවුන්ගේ එකී ක්‍රියාකලාපයට පොළඹවා ලූ මානසික තත්ත්වය ඍජුව පරාවර්තනය කරන්නේ ය. මෙහි ප්‍රස්තාවනාවේ පමණක් පර්යේෂක මහාචාර්ය විමලානන්දයන්ගේ අදහස් ගැබ් ව ඇත්තේ ය. 

එහෙයින් මේ පුස්තකය ලංකා ඉතිහාසය ගැන උනන්දුවක් ඇත්තා වූ පාඨක ප්‍රජාවට මතු නොව එය හදාරන්නා වූ පර්යේෂක හා විද්‍යාර්ථීන්ට ද මෙරට ඉතිහාසයේ එක් හැරවුම් ලක්ෂ්‍යයක තතු ගෙන හැර පාන්නේ ය.

Author තෙන්නකෝන් විමලානන්ද - Thennakoon Wimalananda (1), රත්නායක තිලකරත්න - Rathayake Thilakarathe (2)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556565232
පිටු ගණන 445
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:1818 උඩරට මහ කැරැල්ල
Back to Top