ගෝතම ගීතය

by
Special Price රු. 765.00 Regular Price රු. 850.00
In stock
SKU
gothama-geethaya-jayasena-jayakody-dayawansha

ගෝතම ගීතය

ජයසේන ජයකොඩි

“එ සේ නම් බ්‍රාහ්මණය මම ඔබ විචාරමි. අත්පත් නිලුපුලෙක පුසුඹ පැහැය හා සෝබාව කොතරම් කලක් ආස්වාදනය කළහැකි දැ යි කියන්න?”

“හෝරාවක් දෙ හෝරාවක් හෝ එයට ද වැඩි කාලයක් ආස්වාදනය කළහැකි වන්නේ ය.”

“පින්වත් බ්‍රාහ්මණය, එයින් ඉක්බිති ව එහි පුසුඹ පැහැය හා සෝබාව කෙසේ ද? මුකුලිත වූ කවර හෝ පුෂ්පයක් සියතට ගෙන සිඹින්නෙක්, නරඹන්නෙක් සිටිත් ද? පින්වත් බ්‍රාහ්මණය, මම යළිත් ඔබ විචාරන්නෙමි. මෙහි පසුවන ස්ත්‍රීන් දෙ දෙනා ගෙන් ඔබ දියණිය මට හඳුන්වා දෙන්න?”

“කුමාරයාණෙනි, ආරම්භයේ දී කෝළ හැඟීමෙන් යුතු ව, මහත් වේගයෙන් ඇස මරමින් නෙතඟ බැලුම් ඇති ව සිට, දැන් හේබාගිය ළහෝපලු පතක් සේ පහත් කැරගත් හිසින් ද, අඩව පියාගත් නෙතින් ද පසුවන අභිරූමතිය මාගේ දියණිය ය. ඔබ ගේ දකුණු පසින් පසුවන්නී ඕ ය; මාලාදාමය වමතින් බාගත්වනම සිටින්නී ද ඕ ය.”

“බ්‍රාහ්මණය මම ඇය හඳුනාගතිමි. ඔබ බිරින්දෑත් දෝණියන්දෑත් අතර වයස් පරතරයක් ඇති බව පමණක් දකිමි. එකියක සුරූපියක හා අනිකිය විරූපියක බව නොදකිමි. මෙයින් විසි තිස් වසරකට පෙර ඔබ බිරින්දෑ කෙසේ ද බ්‍රාහ්මණය?”
බ්‍රාහ්මණයා ගේ මුව ප්‍රහර්ෂයෙන් පිරීගියේ ය. “කුමාරයාණෙනි, එවකට ඇය ද මාගේ දියණියට සමාන රූ ඇති රූමතියක් ව සිටියා ය.”

එ සේ නම් බ්‍රාහ්මණය, තවත් විසි තිස් වසරකට පසු ඔබේ දියණිය කෙසේ දැ යි ඔබට කිව හැකි ද?”

Author ජයසේන ජයකොඩි - Jayasena Jayakodi (35)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 978-955-551-764-5
පිටු ගණන 263
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ගෝතම ගීතය
Back to Top
Related Products