ගෝහාර්

Special Price රු. 700.00 Regular Price රු. 1,000.00
In stock
SKU
gohar-muthumudalige-nishshanka-grantha
ගෝර් ගේ පියා ගෝර් මෙලොව එළිය දැකීමටත් ප්‍රථම අපරාධකරුවකුගේ වෙඩි පහරින් මිය යන අතර, මවට එල්ල වන වෙඩි පහරින් ඔහුගේ නූපන් නැගණියද මවගේ කුස තුළම මිය යයි. මව සමග උස් මහත් වන ගෝර් සාමාන්‍ය දරුවකු ලෙසින් වැඩුණද එක් රාත්‍රියක ඒ සියල්ල උඩු යටිකුරු වන්නේ ගෝර් වටා කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් සැරිසරන බව මවට වැටහීමත් සමගිනි...! කිසිවෙකුට නොපෙනෙන නමුත් ගෝර් සමගින් සැරිසරන්නේ කවුද?
කූඩා දරුවෙකුගේ ජීවිතය වටා ගෙතී ඇති අතිශයින් භයංකාර වූද කුතුහලාත්මක වූද මෙම වෘත්තාන්තය ඔබට ලිවීමට මත්තෙන් මේ කතාවට මා අරෝපණය වූ ආකාරය ගැන පාඨක ඔබ දැනගත යුතුය. දිනක් තම ළගම මිතුරියකව මුණ ගැසීමට ගොස් නිවසට ආ මාගේ බිරිද දැඩි වික්ෂිප්ත භාවයකින් යුක්තව ඇදෙහි වැතිර සිටියාය. ඇයගේ මුහුණ සුදුමැලි වී ඇත, ඇය කුමක් හෝ පසුතැවිල්ලකින් සිටිනු ඇතැයි සිතු මා ඇය වෙතට ළංව එයට හේතුව විමසා සිටියෙමි. ඇය තියුණු බැල්මකින් මා දෙස බැලූවාය. ඇයගේ එකදු බැල්මෙන් ඇය මට පවසන්නට යන්නේ විශිෂ්ටතම කතාවක් යැයි මා දැන ගත්තෙමි. මා මෙතෙක් ලියු සෑම කතාවක්ම මගේ බිරිද විසින්ම මා හට කියු අපූරුතම සිදුවීම් බැවින් මෙයත් එ ආකාරයෙම එකක් විය යුතුයැයි සිතු මා එය දැනගනු රිසියෙන් ඈ දෙස බලා සිටියෙමි. ඇය මා හට ගෝහා\ර් නමින් ඔබ විසින් කියවන මෙම කතාව පැවසුවේ එවිටය. ඇයගේ හොදම මිතුරියක වන රිප්සිමේ නමින් හදුන්වන තැනැත්තියගේ දරුවෙකුගේ ජීවිතයේ සිදුවුනු සහා තවමත් සිදුවෙමින් පවතින අතිශයින්ම අත්භූත, ජුගුප්සාජනක සහ කුතුහලාත්ම සිදුවීම් වලින් යුත් මේ කතාව ඔබේ කියවීම උදෙසා මා මෙසේ ලියා පලකරමි. පාඨක ඔබේ රසවින්දනය ත‍්‍රිව කරනු වස් මෙහි සමහර සිදුවීම් ප‍්‍රබන්ධයක් කොට මා නිර්මාණය කරමි. එහෙත් ඔබ මෙය දැන ගත යුතුය. මෙය සත්‍ය සිදුවීම් දාමයක් මූලාශ‍්‍ර කොට ගෙන නිර්මාණය කල වෘත්තාන්තයකි. ගෝහා සේම ගෝර් ද තවමත් ඔහු නොවුන් අතර ජීවත්වෙයි. ගෝහාර් කතාවේ පසුතලයට රටවල් දෙකක් තේමා වී ඇත. එකක් නම් මෙහි ප‍්‍රධාන පසුතලය ලෙස සකැස්වී ඇති අර්මේනියාවයි. එය නැගෙනහිර යුරෝපයේ හිතාමත්ම කුඩා සහා සුන්දර රටකි. මෙහි ගුස්තා කතාවට පසුතලය වන්නේ අර්මේනියාවේ වැනඞ්සෝර් නමින් හදුන්වන අතීශයින්ම සුන්දරවූ කදුවලල්ලකින් වැසුනු විශාල නගරයකි. ශීත කාලයට මෙම කදු මුලූමනින්ම හිමෙන් වැසී යන අතර එය අති රමනීය චමත්කාරයක් උසුලයි. මෙහි තුන්වන පසුතලය වන්නේ ස්විස්ටර්ලන්තයයි. - මුතුමුදලිගේ නිශ්ශංක -
More Information
ISBN 978955
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Lables Horror - ත්‍රාස්‍යජනක, ග්‍රන්ථ සිංහල පොත් එකතුව, Grantha new Arrivals
Author මුතුමුදලිගේ නිශ්ශංක - Muthumudalige Nishshanka (1)
Publisher ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd (52)
Write Your Own Review
You're reviewing:ගෝහාර්
Copyright © 2016 Sigma Digital (Pvt) Ltd. All rights reserved.