සතුටු කුමරා

Special Price රු. 320.00 Regular Price රු. 400.00
In stock
SKU
sathutu-kumara-g-s-jayadewa-oscar-fingal-ahasa
Author ජී. එස්. ජයදේව - G. S. Jayadewa (1), Oscar Fingal (1)
Publisher අහස මීඩියා - Ahasa Media Works (97)
(The Happy Prince and other tales) මුලින් ම එළි දැක්වූයේ 1888 දීය. අද විශ්ව සාහිත්‍යයට ඇතුළත් වුවද මෙම කථා සංග්‍රහයට එවකට ප්‍රසිද්ධ ප්‍රකාශකයන්ගෙන් ලැබුනේ අවතක්සේරුවකි. ඔස්කා මෙහි අත්පිට මුලින්ම භාර දෙන ලද්දේ ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවියේ සිට මිතුරෙකුව සිටි ජෝර්ජ් මැක්මිලන්ගේ පියා සතුව තිබූ, එමෙන් ම වික්ටෝරියානු යුගයේ පතාක ග්‍රන්ථ ප්‍රකාශක සමාගමක් වූ මැක්මිලන් (Macmillan) ප්‍රකාශක සමාගමට ය. පොත මුද්‍රණය සඳහා උචිතදැයි තීරණය කරනු සඳහා එය නිරනාමික උගතෙකු වෙත යවන ලද අතර එවා තිබූ තීරණය 19 වන සියවස් සාහිත්‍ය ඉතිහාසය තුළ හීනතම පූර්ව නිගමනය ලෙස කැපී පෙනේ. "මෙම කථා ඉදිරිපත් කරන ආකාරයෙහි අරමුණක් හා විචක්ෂණ බවක් ඇත. එහිලා ලේඛකයා හුරු බුහුටි ය. මෙහි කථා දෙකක් හෝ තුනක් ඉතා සිත් කළු වුව ද සමස්තයක් වශයෙන් ගත් විට එහි සිත් කාවදින බවක් ඇතැයි මට කිව නොහැකිය. ඒවා ඉක්මණින් ජනප්‍රිය වේයැයිද මම නොසිතමි. ඒවා සිත්කළුය, විශදය. නමුදු ඒවා පාඨකයාගේ මනස බැඳ නොගනී. ඒවා යහපත් හා ගරු කටයුතුය. ඉන් ඔබ්බට යමක් ඇතැයි මට සැකසහිතය.''
More Information
ISBN 9789557861722
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සතුටු කුමරා
Back to Top