ශ්‍රීමත් බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර චරිතය

Special Price රු. 360.00 Regular Price රු. 400.00
In stock
SKU
srimath-brahmachari-walisingha-gayan-chanuka-dayawansha

මේ කුඩා පොතේ අන්තර්ගත වන්නේ බෝධිසත්වගුණෝපේත ශ්‍රීමත් බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්‍ද්‍රතුමා ගේ චරිත කථාව යි. මෙය සම්පූර්ණ චරිත කථාව නොව එතුමා ගේ චරිතය පිළිබඳ ව දැන ගත යුතු මූලික කරුණු ස්වල්පයක් බව දත යුතු ය. මෙතුමා ගෙන් සිංහල ජාතියට හා සම්බුද්ධ ශාසනයට සිදු වූ සේවාව අතිමහත් ය.

අනුරාධපුර ශුද්ධ නුවර පිහිටි සිද්ධස්ථාන හා මිහින්තලා පුදබිම මිසදිටුවන් ගෙන් බේරා දීමට මුල් වී ක්‍රියා කළේ මෙතුමා ය. නාරන්විට සුමනසාර හිමියන් හා එක් වී මහා සෑයේ සංවර්ධන කටයුතු සඳහා මහත් වූ සේවාවක් සිදු කළේය. මෙතුමා ජීවත් වූයේ වසර තිස්හයක් වැනි කෙටි කාලයකි. ඒත් ඒ කෙටි කාලය තුළ දී රට පුරා යමින් සිදු කළ දේශනා ගණන අතිමහත් ය. දහස් ගණනකි. ග්‍රන්ථ දහතුනක් ද සම්පාදනය කළේය. බුදුසසුන වෙනුවෙන් මුළු ජීවිතය ම කැප කළේය. ඒත් මේ තොරතුරු කිසිවක් මේ කාලයේ සිටින බහුතරයක් දෙනා නොදනිති. දැන ගැනීමට මගක් ද නැත.

කරුණු මෙසේ පවතින බැවින් 'ශ්‍රීමත් බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්‍ද්‍ර චරිතය’ නම් වූ මේ කුඩා පොත සම්පාදනය කළෙමි. මේ පොත මුල සිට අග දක්වා කියැවීමෙන් ශ්‍රීමත් බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්‍ද්‍රතුමා පිළිබඳ ප්‍රමාණවත් අදහසක් ලබා ගැනීමට හැකිවනු ඇතැ'යි සිතමි.

Author Gayan Chanuka Vidanapathirana (45)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 9789556861273
පිටු ගණන 96
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ශ්‍රීමත් බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර චරිතය
Back to Top