ස්වර්ණමාලි මහා චෛත්‍ය වර්ණනාව

Special Price රු. 2,430.00 Regular Price රු. 2,700.00
In stock
SKU
swarnamali-maha-chaiythya-warnanawa-gayan-chanuka-dayawansha

ස්වර්ණමාලී මහා චෛත්‍ය වර්ණනාව

ගයාන් චානුක විදානපතිරණ

සවිඥානක සර්ව සත්ත්ව සමූහාභ්‍යන්තරයෙහි සුවිශිෂ්ට සුප්‍රශස්ත වන්නාහු භාග්‍යවත් සම්බුද්ධ රාජයාණන් වහන්සේ ම ය. අවිඥානක වස්තු සමස්තාභ්‍යන්තරයෙහි සුප්‍රකර්ෂ සුසම්මානිත වන්නාහු භාග්‍යවත් සම්බුද්ධ ශාරීරික ධාතූන් වහන්සේ ම ය. තද් ධාතූන් වහන්සේගේ ද්‍රෝණයක් සුනිහිත සුගර්භිත අතුල්‍ය අසහාය මහා චෛත්‍යරාජ්යාණන් වහන්සේ 'ස්වර්ණමාලී’ නම් වන සේක් ම ය.

ගෞතම සම්බුද්ධ රාජයාණන් වහන්සේ චෛත්‍යමය ශ්‍රී දේහයකින් අදත් ජීවමාන වෙති; ඒ රන්මැලි මහසෑරදාණෝ ය. ශුද්ධාධර ප්‍රඥාවත්හු අදත් සම්බුද්ධ වන්දන මානන පූජනයට රුචි වෙති; ඒත් රන්මැලි මහසෑරදාණන් උදෙසා ය. අහස උසට සේ ම භූගර්භයට ද එකසේ විහිදී පැතිරී ඇති රන්මැලි මහසෑරදාණෝ තම සිළුමිණි රැස්දහරින් දෙ පහස ද භූගත බිම්බයෙන් නාලෝ පහස ද අත්විඳිති.

‘ගැමුණු’ සහ ‘ගයාන්’ යන නාමද්වයයෙහි සාම්‍යයක් පැණෙන්නේ හුදු ‘ග’ අක්ෂර සමාරම්භය හෝ මාත්‍රා ඓක්‍යය ඔස්සේ පමණක් නොව එකී නාමධාරී යුග්මයෙන් ම රන්මැලි මහස්‍යරදාණන් වෙනුවෙන් මහාර්ඝ කාර්යභාරයක් සිදු වූ හෙයිනි. එනම් එදා අප මහසෑරදාණන් පිළිබඳ සාධන කාර්යය දුෂ්ට ග්‍රාමණී අභය නරේන්‍ද්‍රයාණන් නිසා සිදු වෙද්දී මෙදා ඒ අරබයා ලේඛන කාර්යයක් ගයාන් චානුක විදානපතිරණ ලේඛකයාණන් අතින් සිදුවීම යි.

ශ්‍රද්ධාවහ ග්‍රන්ථ සම්පාදනයෙහි අග්‍රස්ථානප්‍රාප්ත ගයාන් චානුක විදානපතිරණයන්ගේ ‘ස්වර්ණමාලී මහා චෛත්‍ය වර්ණනාව’ නම් මම ගුන්දෝත්සාහය එම මහා චෛත්‍යරාජයාණන්ට ද්විතීයෝත්පත්තියක් ලබා දීමක් ම ය. මෙහිලා සුධීදිව්‍යමනුෂ්‍යබ්‍රහ්මාදීහු සාධුනාදප්‍රශංසා පුෂ්පදාම හුදෙක් ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන්ට පමණක් නොව අප ග්‍රන්ථකර්තෘවරයාණන්ට ද පළඳවන්නාහු ම ය.

අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි

Author Gayan Chanuka Vidanapathirana (45)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595), දයාවංශ ප්‍රකාශකයෝ - Dayawansha Prakashakayo (4)
More Information
ISBN 9789556862201
පිටු ගණන 544
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ස්වර්ණමාලි මහා චෛත්‍ය වර්ණනාව
Back to Top