සිංහල සිරිත් සංග්‍රහය

Special Price රු. 495.00 Regular Price රු. 550.00
Out of stock
SKU
sinhala-sirith-sangrahaya-d-e-hettiarachchi-nalin

''සිංහල සිරිත් සංග්‍රහය'' ගැන ප්‍රවීණයෝ මෙසේ කියති. සිංහල, බෞද්ධ සමාජයේ පොදු විඤ්ඤාණය කෙබඳු දැයි වටහා ගනු පිණිස සමාජ විද්‍යාඥයන් විසින් රනු ලබන සෘජු පර්යේෂණ අල්ප යැයි සිතන්නට සිදුවන අවස්ථාවක මෙවන් කෘතියක් යළි මුද්‍රණය කිරීම සාධු සම්මත ක්‍රියාවකැයි හැඟේ. වඩා ශිෂ්ටාචාරවත් සමාජයක් වෙත ගමන් කිරීමේදී ජන සමාජයේ කුල ක්‍රමය වැනි ප්‍රාථමික වයුහයක ස්වභාවය කවරේදැයි දැන ගනු පිණිස මේ කෘතිය මහඟු අත්වැලකි.
- ප්‍රවීණ ලේඛක ආනන්ද අමරසිරි
ප්‍රවීණ ප්‍රකාශන සමාගම් හැර කර්තෘ ප්‍රකාශකයින් විසින් ප්‍රකාශනයකින් පළ කරන ඇතැම් වටිනා පොත් මුල් මුද්‍රණයෙන් පසු ප්‍රකාශනයට පත් නොවීම නිසා සිදුවන හානිය බරපතලය. මෙවැනි සමහර පොත් ඉතා දුර්ලභ බොහෝ වටිනාකම් ඇති කෘතීන්ය. ''සිංහල සිරිත් සංග්‍රහය'' එවැනි මහඟු කෘතියකි. මේ දුර්ලභ කෘතිය මෙලෙස නැවත මුද්‍රණයෙන් බිහිකිරීම ජාතියේ වාසනාවට සිදු වූ මහඟු සත්කාර්යක් ලෙස අගය කල හැකිවේ.
- නීතිඥ හා ප්‍රවීණ ලේඛක සමරසිංහ ගුණසේකර
'සිංහල සිරිත ජන සම්ප්‍රදායකි.එය සම්ප්‍රදායික දැනුමෙන් පෝෂණය වූවකි. එමෙන්ම පරපුරින් පරපුර ලද ජනශ්‍රැති උරුමයක් වේ. ''සිංහල සිරිත් සංග්‍රහය'' මෙලෙස ජනගත වනුයේ උක්ත සියලු හිමිකම් මතු පරපුර වෙත දායාද කරමිනි.
- ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත
Author මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි - Mahacharya D. E. Hettiarachchi (2)
Publisher නලින් ප්‍රකාශන - Nalin Publisher (33)
More Information
ISBN 9789554005075
පිටු ගණන 239
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිංහල සිරිත් සංග්‍රහය
Back to Top