කළු සල්ලි

Special Price රු. 450.00 Regular Price රු. 500.00
In stock
SKU
kalu-salli-lasitha-raveen-umagiliya-prathibha

                                                        කළු සල්ලි

" අනේ මට යන්න දෙන්න... මේ කොහේද අපි

ඉන්නේ?" ෂෙනොන් නොනවත්වා විලාප නැඟුවේ

ය. එවිට අවජාතක දුෂ්ට මැරයා, සත්‍යජිත්

ලාබාල තරුණයාගේ කම්මුල හරහා අතුල්

පහරක් එල්ල කළේ ය. ෂෙනොන් එම පහරින්

කැරකී මිහිමත පෙරළී ගියේ ය. ඔහුගේ තොල

පැලී රුධිරය ගලා ආවේ ය. මරණ බිය ඔහුගේ

මුහුණින් පැහැදිලිව ම දිස් විණි. මේ බියකරු

දසුන දෙස ගල් ගැසී බලා සිටි ජනිත්ගේ දත් ඇඳි

කිටි කිටි ගා ගැටිණි. ඔහුගේ දෑත වෙවුලුවේ

අපස්මාරය වැලඳුණු රෝගියෙකු මෙනි.

දියේ ගිලීමක්

"මම මිස්ටර් ජගත්ට කියපු විදියට මේක ඇත්තට ම මුහුදෙ ගිලිලා සිද්ධ වුණු මරණයක් නෙවෙයි. පැහැදිලිව ම පෙනහළුවල මුහුදු ජලය තිබුණෙ නැහැ. ඒ විතරක් නෙවෙයි මම හෘදය වස්තුවෙ රුධිර සාම්පලත් බොහොම ප්‍රෙවේසමෙන් පරීක්ෂා කරලා බැලුවා. මිස්ටර් ජගත් දන්නවද දන්නෑ සාමාන්‍යෙයන් යම් පුද්ගලයෙක් දියේ ගිලිලා මරණයට පත්වෙද්දි පැහැදිලිවම අවස්ථා තුනක් පහු කරනවා. පළවෙනි අවස්ථාව තමයි හුස්ම අල්ලා ගැනීම. ඒ කියන්නේ Breath Holding  හුස්ම අල්ලා ගැනීම කියන කාරණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා."  

Author ලසිත රවීන් උමගිලිය - Lasitha Raveen Umagiliya (76)
Publisher ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana (151)
More Information
ISBN 9789551596941
පිටු ගණන 188
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කළු සල්ලි
Back to Top