මැවුම්කරුගේ නිර්වාණය

Special Price රු. 495.00 Regular Price රු. 550.00
Out of stock
SKU
maumkaruge-nirwanaya-sameera-deshapriya-s&t

විශ්වයේ පැවැත්ම පිළිබඳව නව මානයකින් බලන්නට පාඨකයා පොළඹවන මෙම කෘතිය සිංහල විද්‍යා ප්‍රබන්ධ නවකතා ගොන්නට එකතු වූ තවත් සාර්ථක නිර්මාණයකි.කතුවරයා විසින් මෙම ග්‍රන්ථය හරහා ඉදිරිපත් කරන කෘතිම හැඟිම් අවකාශ ජාලය දහයේ පාදයේ වැඩසටහන්කරණය යනාදී නැවුම් සංකල්පහරහා පාඨකයාගේ චින්තන පරාසය පුළුල් වනු නොඅනුමානය.මෙම කතාන්දරයේ ප්‍රධාන චරිතය සහ පාඨකයා අතර පවතින අන්‍යෝන්‍ය සබඳතාවය පොතේ මුල සිට අග දක්වා ම අඛණ්ඩව පවත්වාගෙන යාමට කතුවරයා සමත්ව ඇත්තේය.ඒ නිසා ම කතානායකයා සජීවි චරිතයක් බඳු හැඟීමක් පාඨකයා තුල ජනිත වන්නේය.

මෙම ග්‍රන්ථයේ කතුවර සමීර දේශප්‍රිය ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ උපාධිය හදාරද්දි මගෙන් රසායන විද්‍යාව ඉගෙන ගෙන ඇත.හෙතෙම සුවිශේෂි පරිකල්පන ශක්තියකින් යුත් අයෙකු බව මා වටහා ගත්තේ ඒ අවධියේදී මය.ඔහුට තවත් මෙවන් නිර්මාණ කිරීමට හැකිවේවා යන්න අපගේ ප්‍රාර්ථන යි.

මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

Author සමීර දේශප්‍රිය-sameera Deshapriya (1)
Publisher S & T Group (34)
More Information
ISBN 9789551080402
පිටු ගණන 217
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මැවුම්කරුගේ නිර්වාණය
Back to Top