රන්පාට චිත්‍රයක් අතින් ගත් මහල්ලා

Special Price රු. 280.00 Regular Price රු. 350.00
In stock
SKU
ranpata-chithrayak-batuwangala-rahula-thero-sadeepa
Publisher සදීපා ප්‍රකාශකයෝ - Sadeepa Prakashakayo (127)
රූබට් තුළ හම්දුම්මාගේ පර්දාව සොරකම් කිරීමේ සිත පැසවමින් තිබුණි. ඔහු හම්දුම්මාගේ මූණ සපාකෑමේ වරදට මාස තුනක් උදුන් සිරගෙය සිටියේය. ඒ තුන් මාසය පුරා ඔහු හමිදුම්මා ගැන වැඩිපුර සිතූවේය. හමිදුම්මා කෙරෙහි ප්‍රේමයක් දළුලමින් පවතින බව ඔහු වරෙක විශ්වාස කළේය. එහෙත් ඈ කෙරෙහි උපන් කුහක සිතිවිල්ලකින් එය වැසී යයි හමිදුම්මා පූජකයාට වඩාත් ළං වී සිටීම ගැන ඔහු නොරස්සුවේය. ඒ නොරිස්සුම ඔහු තුළ උපන්නේ පූජකයා කුණු වු නාභියක් සහිත පුද්ගලයෙකු බව දැනගැනීමෙනි. ඒ බව පූජකයා නිතර සඟවාගෙන සිටියේය. ඔහු නිතරම ශරීරය රෝස වතුරෙන් සේදීම පෙකණියේ ගඳ පිටට වහනය නොවීමට කළ උපක්‍රමයක් බව හමිදුම්මාට කියා දීමට රූබට්ට සෑහෙන අවශ්‍යතාවයක් තිබුණි. ඇය ඒ රෝස වතුර සුවඳින් මත් වී සිටින බවක් පළ කිරීම රූබට් කෙසේ වත් නො ඉවසුවේය. දිගින් දිගටම කඳවුර තුළ කරදරකාරී ලෙස හැසිරීමෙන් තමාට මරණ දඬුවම අත් වෙතැයි ඔහු සිතා සිටියේය. ඒ නිසා ම ඔහු තරමක් සංවර බවක් ආරූඪ කරගෙන සිටීමට උත්සාහ කළේය.
More Information
ISBN 9789556614442
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රන්පාට චිත්‍රයක් අතින් ගත් මහල්ලා
Back to Top