ඇය තවම නිරුවතින්

Special Price රු. 337.50 Regular Price රු. 375.00
In stock
SKU
aye-thawama-niruwathin-upeaksha-nuwansheeni-sarasavi

එක් පුද්ගයෙකුගේ ජීවිතයක හටගන්නා එක් සිදුවීමක් යනු ඔහුගේ සමස්ත ජීවිතය තුළම හටගත් අනන්ත සංඛ්‍යාවක් වු සීදුවීම් දාමයක ප්‍රතිඵලයකි. සාමාන්‍ය නීරෝගී දරුවකු ලෙස උපත ලබා, පිටිසර ගමක හැදී වැඩුණු තරුණයෙකු අවසානයෙහි සිංහල වාසගමක් සහ විදේශීය ඌරුවක් ඇති ආරෝපිත නමකින් සංකේතනය වෙමින්, නගරයෙහි ස්ථාපිත වී ස්ත්‍රී දුෂකයකු බවට පත්වීම දක්වා වු සිදුවීම් දාමය වනාහි, එක් පුද්ගලයකුගේ හුදකලා ක්‍රියාවලියක් නොවේ. එය අතිවිශාල සමාජ පරීණාමීය ක්‍රියාවලියක එක් බිහිසුණු ප්‍රතිඵලයකි.

මහනුවර තුම්පනේ උඩ පළාතෙහි උපන් රත්නායක බණ්ඩා ස්ත්‍රී දුෂක ලෙනින් රත්නායක බවට පරිවර්තනය වී, මේ දක්වා ආරක්ෂා වෙමින් පැවතීම මෙන්ම, එකී ප්‍රතිරූපාත්මක ප්‍රචණ්ඩත්වයට කමලාවතී සහ ජයන්තා මැණිකෙලා වැනි පීඩිත ගැමි ගැහැනුන් ඛේදනීය ලෙස ගොදුරුවීම යනුද හුදකලා සංසිද්ධීන් නොවේ. ඒවාද අසංවිධිත සාමාජිය ක්‍රියාවලියක අවාසානාවන්ත ඵලයන් වේ.

මෙම සිදුවීම් දාමය තුළින් යළි සමාජීය කතිකාවක් ගොඩනැගීමේදී පුළුල්ව විමසා බැලිය යුතු ප්‍රබලතම කාරණාව වන්නේ, ලාංකේය සමාජය තුළ සම්ප්‍රදායකත්වය හා නූතනත්වය යන දෙකෙහිම සාරයන් අවසානයෙහි අවලංගු වන්නේ කුමක් නිසාද යන්නයි. 

Author උපේක්ෂා නුවන්ශ්‍රීනි - Upeaksha Nuwansheeni (1)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553111432
පිටු ගණන 201
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඇය තවම නිරුවතින්
Back to Top