රාන්චි අම්මා

Special Price රු. 540.00 Regular Price රු. 600.00
In stock
SKU
ranchi-amma-shanthi-dissanayaka-sarasavi

රටේ ඉහළම ස්ථරයේ සොරකම පහළම ස්ථරය කඩා බිඳ දමා නිර්මාණය කරන ඛේදවාචකයේ තරම කිරා මැන බලන්නට නම්, රටකට මනා සිහි බුද්ධියක් උවමනාය. ජාතිය කුලය ආගම හා පක්ෂය මත පදනම් වෙමන් බෙදී වෙන් වී ඇන කොටා ගන්නට මාන බලන රටක, ජනතාව දියබත් වන නැවක මගී පිරිසකගෙන් සපුරා වෙනස් නොවේ.

දිදුලන පැහැයන් තවරා සිත්තම් කළ සිතුවම සූරා දමා කළු හා අළු පැහැය මතු කරන්නටද ඒ දුර්වර්ණ බව අකා මකා දමා, නව පැහැයෙන් නව ජවයෙන් අලුත්ම සිත්තමක් නිර්මාණය කරන්නටද පුරවැසියා සමර්ථ විය යුතුය. මේ සියලු සීදුවීම් අවධාරණය කරන්නේ එයම විනා අන් කුමක්ද?

අන්ධකාරයේ වල්මත් වන්නටද අගාධයේ ඇඳ වැටෙන්නටද නොතිත් ආශාවක් දක්වන රටක ඒ එකම ප්‍රශ්නය පුන පුනා හා හඬ නගා ඇසිය යුතුව තිබේ.

Author ශාන්ති දිසානායක - Shanthi Disanayake (31)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
දියවන්නාවේ ඒ සුබෝපභෝගී මන්දිරයේ සිට අවම මිලකට ඉහළම රස මසවුළු අනුභව කරමින් අනෙකාට හොරා යැයි ඇඟිල්ල දිගු කරමින් අපේ පිනට පහළ වූ ඒ මහෝදරයන් නටන නරි නාටක බල බලා අත්පොළසන් හා ඔල්වරසන් දීම හැරුණු කොට, චූලෝරදරයන්ට කළ යුතු වෙනත් කාර්ය භාරයක් නැත්තේද? අගාධයේ මුවවිට දඟර නැටුම් අත වනන්නේ ක්‍රෑර හා ගොරතර මරණයට බව තව දුරටත් අමතක කරමුද?
More Information
ISBN 9789553115775
පිටු ගණන 344
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රාන්චි අම්මා
Back to Top