අයිස් කැට වැටෙන කාලය

Special Price රු. 240.00 Regular Price රු. 300.00
Out of stock
SKU
ice-kata-watena-kalaya-tharindu-sri-lokugamage-soi-11
Author තරිඳු ශ්‍රී ලොකුගමගේ - Tharindu sri lokugamage (7)
Publisher Soi 11 (6)
විනාඩි විස්කට පමණ පසුව ,සැලකිය යුතු මට්ටමක මජං නාගෙන , මවාගත් ඇල්ෆා මේල් ආඩම්බරයකින් යුතුව ඔහු ඇතුලට ආවේය.පැරණි ඉංග්‍රීසි කෙිමඩි චිත්‍රපටියක නළුවෙකු බඳු ඔහුගේ රුව දුටු විට ඇයට සිට්‍රනය ගැනදැනගන්නට ආශාවක් ඇතිවිය.එහෙත් ඔහුගේ දෑසේ ලියවි තිබුණේ කෙල්ලන්ට කාර් ගැන කියා දෙන්නට ලැබෙන විට කාර් පිස්සුව ඇති හිච්චි කොල්ලන් තුළ ඇතිවන ආකාරයේ 'මෙහෙම එකක් නම් හා අම්මේ' ජාතියෙ හැඟුම් පේලියක් නොව අනාගතයට බියෙන් අතීතයේ එල්ලීගෙන වර්තමානය බෙට්ටක් වසන පූසෙකු මෙන් හංගන්නට දගලන මනුස්ස ප්‍රාණියෙකුගේ භිතියේ යාතිකා ගීතිකාවකි. ඊට පෙර කිසි දිනෙක ඔහුගේ දෑස එවැනි ගීතිකාවක් ඇලවී තිබෙනු ඇය දැක නොතිබීණි.ඇගේ සිතේ යළිත් අර තේරුම්ගත නොහැකි බලාපොරොත්තුවක් වැනි හැඟීම ඇති විය. "ඔයා ඩ්‍රයිවින් ඉගෙනගන්න කැමතිනම් ස්ටීවන් ලොක්කා මයාට උගන්නන්නම් කීවා...." ඔහු රහසක් සහ නොරහසක් අතර දෙයක් කියන්නාක් බඳු හඬකින් කීවේ ය. ඇය allmost literally උඩ ගියාය. "ස්ටීවන් ලොක්කා...??? ඩ්‍රයිවින් ...??? මට ...???" "ඔවු...කාර් එක උන්දැගේ .මට ගන්න කීවා.මම ගත්තා..." ඔහු කීවේ එක්තරා වරදකාරි ටෝන් එකක් සහිතවය.එය ඇසුණු සැණින් ඇයගේ සිතට නැඟුනේ ස්ටීවන්මහල්ලා සතුව කාර් එකක් තබා පිටටු බම්බුවක් වත් තිබෙනු තමන් දැක නැති බව නොවේ.හැමදාම අයිස් කැට වැටෙන කාලයට අහක යන අකුණක් සේ තමන්ගේ ලෝකයට පතබෑවි, අයිස් කැට දියවෙන්නටත් කලින් අතුරුදන් වන ඔහු කාර් එකක් මිලදී ගත්තේ ඇයිද යන්නය.
More Information
ISBN 9789553538031
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අයිස් කැට වැටෙන කාලය
Back to Top