බණ්ඩාරදූවේ වැද්දෝ

Special Price රු. 510.00 Regular Price රු. 600.00
In stock
SKU
bandaradoowe-waddo-sumudu-premachandra-chandrathilake-sooriya

ලෝකයේ පැරණිතම මනුෂ්‍ය කොට්ඨාසයක් ලෙස සැලකෙන වැද්දන්ගේ සමාජ ජීවිතයත්, ඇදහිලි හා විශ්වාසත් ගැඹුරින් අධ්‍යයනය කිරීම පරමාර්ථ කොට ගත් සී. ජී. සෙලිග්මාන් ඔහුගේ ගවේෂණයෙන් පසුව “ඔවුන් සදහටම අහෝසි වීමෙහි එළිපත මත සිටින කුඩා මිනිස් සමාජයක්” ලෙස විස්තර කර තිබේ. ඊට හේතු ලෙස ඔහු දකින්නේ දෙමළ හා සිංහල මිනිසුන් සමඟ දිනෙන් දින දියුණු වෙමින් පවත්වාගෙන යන සබඳතාවන් වේ. සෙලිග්මාන් ගෙන් පසුව වැදි ජනයා ගැන සොයා බැලූ වෛද්‍ය ස්පිට්ල්ට හමුවන්නේ සෙලිග්මාන් ගවේෂණය කළ ප්‍රෙද්ශවල වැදි ජනයා නොවේ. තැනින් තැනට යමින් ජීවත්වන වැදි ජන කණ්ඩායම් කිහිපයක් ගැන ඔහුගෙන් වාර්තා වේ. ගවේෂණයකින් පසු ඉදිරිපත් කරන වාර්තාවකට වඩා ඔහු තොරතුරු දක්වන ක්‍රමය වෙනස් ය. එහි ඇත්තේ සාහිත්‍යමය ආකෘතියකි. කෙසේ හෝ මේ දෙදෙනාගේ ම අවධානයට භාජනය වූ ගමකි බණ්ඩාරදූව. සෙලිග්මාන් සුවිශේෂීව ද ස්පිට්ල් යම් යම් තැනෙක ද සඳහන් කරන බණ්ඩාරදූව එක්දහස් නවසිය හැට දසකවල සිට ලේඛකයන්ගේ විශේෂ අවධානයට ලක් විය. මේ සියලු දෙනාගේම වාර්තා සැලකිල්ලට ගත්ත ද බණ්ඩාරදූව ජනයා ගැන අඛණ්ඩ ඉතිහාස කතාවක් ගලපා ගැනීම උගහටය. මේ අඩුව පුරවා දැමීමට “බණ්ඩාරදූවේ වැද්දෝ” යම් තරමකින් හෝ සමත් වී තිබේ නම් එය සතුටට කරුණකි.

Author සුමුදු ප්‍රේමචන්ද්‍ර - Sumudu Premachandra (1), ආචාර්ය එල්.ඩබ්.චන්ද්‍රතිලක බණ්ඩාර - Chandrathilaka Bandara (4)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556565065
පිටු ගණන 205
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:බණ්ඩාරදූවේ වැද්දෝ
Back to Top