නිහඬ සාක්ෂි

by
Special Price රු. 850.00 Regular Price රු. 1,000.00
In stock
SKU
nihada-sakshi-chandrasiri-niriella-sooriya

යම් අයකු අභිරහස් ලෙස මරා දමන ලද්දේ ද?, නැතහොත් ස්වාභාවික ලෙස මිය ගියේ ද? යන්න ස්ථිර වශයෙන්ම නිගමනය කිරීමට, ඇසින් දුටු සාක්ෂිවලට (eye witness) වඩා සමහර අවස්ථා වල මළසිරුර පරීක්ෂා කිරීමෙන් සහ මළසිරුර තිබූ ස්ථානය (scene) පරික්ෂා කිරීමෙන් ලබා ගන්නා තොරතුරු බෙහෙවින් වැදගත් වේ. ඒවා අපි ‘නිහඬ සාක්ෂි’ (silent evidence) වශයෙන් හඳුන් වන්නෙමු. මෙම කතාන්තර සියල්ලෙහිම දැක්වෙන පරිදි, සත්‍ය හෙළි වනුයේ කිසියම් 'නිහඬ සාක්ෂියක් හෝ එවන් සාක්ෂි කිහිපයක් පදනම් කර ගෙන ය. එවන් සාක්ෂි මතු කර ගන්නා ආකාරය පියවරෙන් පියවර පැහැදිලිව ඉදිරිපත් කිරීමට මෙහිදී මම දැඩි ආයාසයක් දැරුවෙමි.
- චන්ද්‍රසිරි නිරිඇල්ල

නිතර අලුත් නැවුම් ප්‍රවෘත්ති සොයන මාධ්‍යකරුවන්ට මහාචාර්ය නිරිඇල්ලගේ ගවේශණ, දවසේ ‘හොඳම කතාව’ බවට පත්වන අවස්ථා බොහෝ ය. මේ හොඳම කතාව පසුදා පුවත්පත් පාඨකයා කියවන්නේ මොන තරම් පුදුම කතාවක් දැයි, ඇහි බැමි නළල තෙක් රඳවමිනි. එතුමා විසින් ලියන ලද ‘නිහඬ සාක්ෂි’ නම් කෘතියේ අත්පිටපත කියැ වූ අවස්ථාවේ මට හැඟු‍ණේ තමා අත්දුටු සංසිද්ධීන් හා තමා ගවේෂණය කළ අපරාධයන්ගේ සැඟවුණු කතා කෙතරම් සිත් ගන්නා සුලු භාෂා රිද්ම රටාවකින් ඉදිරිපත් කර ඇත්තේද යන්නයි. 
- ධර්මසිරි ගමගේ

Author චන්ද්‍රසිරි නිරිඇල්ල - Chandrasiri Niriella (1)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
යම් අයෙකු අභිරහස් ලෙස මරා දමන ලද්දේද? නැතහොත් ස්වභාවික ලෙස මිය ගියේද? යන්න ස්ථීර වශයෙන්ම නිගමනය කිරීමට ඇසින් දුටු සාක්ෂි වලට වඩා සමහර අවස්ථා වල මළසිරුර පරීක්ෂා කිරීමෙන් ලබා ගන්නා තොරතුරු බෙහෙවින් වැදගත් වේ. ඒවා අපි නිහඬ සාක්ෂි වඔයෙන් හදුන්වමු. මෙම කතන්දර සියල්ලෙහිම දැක්වෙන පරිදි සත්‍ය හෙළි වනුයේ කිසියම් නිහඬ සාක්ෂියක් හෝ එවන් සාක්ෂි කිහිපයක් පදනම් කරගෙනය. එවන් සාක්ෂි මතු කර ගන්නා ආකාරය පියවරෙන් පියවර පැහැදිලිව ඉදිරිපත් කිරීමට මෙහිදී මෙම කෘතිය දැඩි ආයාසයක් දරා ඇත.
More Information
ISBN 9789556561333
පිටු ගණන 220
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නිහඬ සාක්ෂි
Back to Top