පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන්

Special Price රු. 552.50 Regular Price රු. 650.00
Out of stock
SKU
police-niladariyekuge-mathaka-satahan-lionel-munasinghe-sooriya

විශ්‍රාමික පොලිස් පරීක්ෂක ලයනල් මුණසිංහ මහතා හතලිස් එක් වසරක්, වසර 1959 සිට 2000 දක්වා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තරාතිරම්වල, විවිධ පලාත්වල, සේවය කොට ලබා ගත් පුළුල් අත්දැකීම් සම්භාරයක් සහිත නිලධාරියෙකි.

අවුරුදු හයක් යාපනය දිස්ත්‍රික්කයේ ද, පසුව වවුනියා යුද කලාපයේ ද සේවය කළ ඔහු, දෙමළ බස මැනවින් හැසිරවීමේ සමතෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද, කලක් පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව නැගෙනහිර පළාතේ ද, අනතුරුව සබරගමුව සහ කොළඹ තදාසන්න පෙදෙස්වල ද කළ ලබාගත් පුළුල් අත්දැකීම් ඇත්තෙකි.

එමෙන්ම අපරාධ පරීක්ෂණයෙහි ද, අධිකරණය හමුවේ නඩු ඉදිරිපත් කිරීමෙහිලා ද, ඔහු ලත් පරිචය ගැඹුරු ය. මේ පොතෙහි අඩංගු වන්නේ මේ විවිධ ක්ෂේත්‍රවල ඔහුට මුහුණ පාන්නට සිදු වූ අපූරු අත්දැකීම්වල තොරතුරු ය. 

එදා පොලිසියේ ස්වභාවය ද, එහි ගැඹුර ද පිළිබඳ මේ තොරතුරු මඟින්, සාමාන්‍ය පාඨකයෙකුට ලැබෙන රසවත් අත්දැකීම් හා දැනුම් සම්භාරය බොහෝ වනු ඇත. මේ බඳු පොත් සිංහලයෙන් ලියැවෙන්නේ කලාතුරකිනි.

ගාමිණි ගුණවර්ධන 

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

Author ලයනල් මුණසිංහ-lionel munasinghe (1)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556565133
පිටු ගණන 284
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන්
Back to Top