තීන්ත නදිය

Special Price රු. 1,615.00 Regular Price රු. 1,900.00
In stock
SKU
theentha-nadiya-paul-m-m-cooper-saman-sooriya

දහතුන් වැනි සියවසේ පොළොන්නරුවේ පරාක්‍රම රජතුමන්ගේ රාජකීය

කවියා ලෙසින් අසංක ගෙවූයේ සුව පහසුවෙන් ගලා ගිය සැහැල්ලු ජීවිතයකි.

එහෙත් කාලිංග මාඝ පොළොන්නරුව ආක්‍රමණය කිරීමත් සමඟම ඔහුගේ ජීවිතය

ඉරණම් සහගත  වෙනසකට ලක් වන්නේය. අතිශය සැහැසි දරුණු පාලකයෙකු 

වුවද මාඝ කවියට ඇළුම් කළේය. එහෙයින් ඔහු සංස්කෘත කාව්‍යයක් දෙමළ 

බසට පෙරළන්නට මේ රාජකීය සිංහල කවියාට භාර දෙන්නේය. මේ පරිවර්තන 

කාර්යයේදී පොතට මුලදී වෙනස්කම් එකතු වන්නේ අසංක පවා නොදැනුවත්වය. 

එහෙත් පසුව හිතාමතාම ඒ වෙනස්කම් සිදු වන්නේ ජීවිතය හා මරණය 

අතර ඉරණම් සහගත ත්‍රාසජනක වටපිටාවක් නිර්මාණය කරමිනි. 

එය අසංකගේ පමණක් නොව මුළු මහත් රටක ඉරණම තීරණය කරන්නේය. 

මේ අතරේ අසංක රජ මැදුරේ සේවය කරන දෙමළ සේවිකාවකට ආදරය කරන්නේය. 

එය තවත් මහා වියවුල් රැසක ඇරඹුමක් වන්නේ ය. 

 

සිංහල, දෙමළ සහ සංස්කෘත යන භාෂා සාහිත්‍ය කලාවන් එක් කර ගනිමින්, 

ලාංකීය සංස්කෘතිය සහ ඉතිහාසය යන මේ සෑම අංශයක්ම කැටි කොට 

ප්‍රේමය, ත්‍රාසය, භීතිය හා කුතුහලය එක සේ ඉස්මතු කරමින් මේ සා රසවත්, 

මේ සා විශිෂ්ටව සහ මේ සා මහත් වූ කම්පනයක් ඇති කරමින් ලියැවුණු වෙනත් 

ඓතිහාසික නවකතාවක් මෑත කාලයේ දී සිංහල සාහිත්‍යෙය් බිහි නොවූ තරම්ය. 

බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව යන රටවල් දෙකෙහිම එකවර ප්‍රකාශයට පත් වූ 

River of Ink ඉතා කෙටි කාලයක් තුළ පාඨක විචාරක නොමද පැසසුමට 

ලක් වූ කෘතියකි. කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් අමතකව ගිය ලාංකීය 

ඉතිහාසයේ එක්තරා අඳුරු යුගයක් මුළු මහත් ලෝකයාටම නිරාවරණය කළ 

ඒ අපූරු කෘතිය සිංහල බසින් මෙසේ ප්‍රකාශයට පත් වන්නේ ප්‍රථම වරටය. 

Author සමන් කලුආරච්චි - Saman Kaluarachchi (7), Paul M. M. Cooper (2)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556564860
පිටු ගණන 482
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:තීන්ත නදිය
Back to Top