කියුබානු විප්ලවයේ මතක සටහන්

Special Price රු. 558.00 Regular Price රු. 620.00
Out of stock
SKU
kiubanu-vipalawaye-mathaka-satahan-che-guevara-priyan-vidarshana
Author ප්‍රියංජන් සුරේෂ් ද සිල්වා - Priyanjan Suresh De Silva (4), Ernesto Che Guevara (4)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (199)
අර්නස්ටෝ චේ ගුවේරා සිය මතක සටහන් ඇසුරින් දිනපොත් කිහිපයක්ම රචනා කළ අතර ඔහුගේ මරණින් පසු ඒවා මුද්‍රිත කෘති බවට පත් විය. ප්‍රථම වරට කියුබාවේදී මුද්‍රණයෙන් නිකුත් වු එම කෘති පසුව භාෂා රැසකට පරිවර්තනය කෙරිණි. කියුබානු විප්ලවයේ මතක සටහන් ඇසුරින් ඔහු විසින් රචිත ලිපි එකතුව වික්ටෝරියා ඔර්ටීස් විසින් Reminiscence of the Cuban Revolutionary war නමින් ඉංග්‍රීසි බසට පෙරළන ලදි. එම කෘතිය මුල් වරට ප්‍රකාශයට පත් වුයේ 1968 දීය. මෙම කෘතිය එහි සිංහල පරිවර්තනයයි. මෙම කෘතියට පාදක වනුයේ 1956 නොවැම්බර් 25 දින ග්‍රැන්මා නමැති කුඩා යාත්‍රාවෙන් ගමන් ආරම්භ කළ අවස්ථාවේ සිට කියුබානු විප්ලවය ජයග්‍රහණය තෙක් ඔවුන් ආ ගමන් මඟ පිළිබඳ මතක සටහන්ය. දෙසැම්බර පළමුවන දින කියුබාවේ කොලරාඩෝ වරායට ගොඩ බැස සියෙරා මායෙස්ත්‍රා කඳුකරයේ සිට සටන් කරමින් අවසානයේ හවානා අගනුවර අත්පත් කර ගැනීම තෙක් තම අත්දැකීම් චේ වරින් වර වර්ඩෙ ඔලිවෝ නම් සඟරාවට ලිවීය. ස්පාඤ්ඤ බසින් රචිත එම ලිපි පසුව ඉංග්‍රීසි බසට පරිවර්තනය වී කෘති බවට පත් විය.
More Information
ISBN 9786245087235
පිටු ගණන 288
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කියුබානු විප්ලවයේ මතක සටහන්
Back to Top