පාසලක් වේ නම් යම්

Special Price රු. 240.00 Regular Price රු. 300.00
Out of stock
SKU
pasalak-we-nam-yam-karunathilaka-handunpathirana-wijesooriya
''නොලියා ම බැරි නිසා'' තුළන් ඔබ තුමා හැදින්නෙමි.ඔබ තුමා තුළින් ගුරුවරයා යනු කවුරුන්දැයි හැදින්නෙමි.

දරුවෙකුගේ ළමා කාලය ගත කරන සුන්දරම ස්ථාන දෙක නම්, නිවස හා පාසලයි.එයින් දරුවාගේ කායික මානසික හා බුද්ධිමය වර්ධනය මෙන් ම මනෝභාවයන් සමඟ අධ්‍යාත්මය කරා යොමු කරන්නා වු මුලික අඩිතාලම සපයන ස්ථානය පාසලයි.දරුවා මෙහි දී ගෙදර දොර පරිසරය සේ ම ගුරුවරුන් දකින්නේ තමාගේ මව් පියන් මෙන්ම ආදරය, කරුණාව, සෙනෙහස, උපේක්ෂාව, සමානාත්මතාව ආදී ගුණාංග වලින් යුත් මහා දැවැන්ත පෞරුෂයකින් හෙබි පිරිසක් ලෙසය.මෙම වටිනාකම බොහෝ අවස්ථාවල රැකගන්නවා මෙන්ම සමහරක් අවස්ථාවල දී දරුවාගේ ආත්මාභිමානය බිඳ වැටී සතුට සොම්නස අහිමි වී යන අවස්ථා ද තිබිය හැකිය.එසේ ම අධාපනයට දක්වන සැලකිල්ල මෙන්ම පාසල සහ ගුරුවරයා කෙරෙහි ඇති වන වෛරය, ක්‍රෝධය, ද්වේෂය, පලිගැනීම දක්වා ම යන අවස්ථා දැක ගත හැකිය.සත්‍ය සුන්දර ද?.නොලියා ම බැරි නිසා වැනි මා අත්දුටු කෘතිවල සදහන්ව තිබූ ආකාරයට හුදෙක් බාධාවන් ඇත් නම් එවැනි තත්වයක් වෙනස් කරමින් යහපත් දයාබර ගුරු පරපුරක් බිහි කිරිමට කෘතහස්ත ලේඛකයකු වු කරුණාතිලක හදුන්පතිරන ගුරු පියාණන් ගන්නා උත්සහය මහත් ප්‍රසංශනීය බව මගේ හැගීමයි.

මනෝ වෛද්‍ය මහාචාර්ය ප්‍රියන්ත ගාමිණි ජයසිංහ

Author කරුණාතිලක හඳුන්පතිරණ - Karunathilaka Hadunpathirana (6)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (498)
More Information
ISBN 9789556911923
පිටු ගණන 160
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පාසලක් වේ නම් යම්
Back to Top