සැරියුත් මහ රහතන් වහන්සේ

Special Price රු. 675.00 Regular Price රු. 750.00
In stock
SKU
sariyuth-maha-rahathan-wahanse-gayan-dayawansha

සැරියුත්

මහ රහතන් වහන්සේ 

ගයාන් චානුක විදානපතිරණ

"අසූ මහා ශ්‍රාවකයෝ" නමින් ඉතා වටිනා ශාස්ත්‍රීය ග්‍රන්ථයක් පළ කොට මහ නා හිමිවරුන්ගේ ප්‍රශංසාවට හා ජනාදරයට පත් වූ ගයාන් චානුක විදානපතිරණ සිසුවා එහි උණුසුම යන්නට ත් මත්තෙන් මහා ශ්‍රාවිකාවන් පිළිබඳව විශිෂ්ට කෘතියක් ලිවීය. එයින් ද ලේඛන රුචිය නොනිමි ඔහු "සැරියුත් මහ රහතන් වහන්සේ" ගැන ග්‍රන්ථයක් කළේය.

"මහා ශ්‍රාවිකාවෝ" පොතට පෙර වදනක් ලිවීමට ඇරයුම් කළ ඔහු මාගේ ප්‍රමාදයෙන් එය මුද්‍රණයට යවා අවසන් කොට සැරියුත් මහ රහතන් වහන්සේ ගැන ලියූ පොතට වත් පෙරවදනක් ලියන ලෙස නිහතමානීව නැවත ඇරයුම් කළේය. මා මහා ශ්‍රාවිකාවන්ට පෙරවදනක් ලිවීමට මත්තෙන් ඔහු මෙසේ ග්‍රන්ථයක් ම ලියා අවසන් කොට ඉදිරිපත් කිරීමෙන් ඔහු ගේ ලේඛන ශක්තිය කොතෙක් දැයි මා මවිත වීමි.

බොහෝ දෙනෙක් ලියන්නා සේ ඔහු ධර්මය ගැන උඩින් පල්ලෙන් බලා ලියන්නෙක් නොවේ. ඔහු ත්‍රිපිටකය සිසාරා ඇත. ත්‍රිපිටකයේ කොතැන හෝ සුළුවෙන් හෝ සැරියුත් මහ රහතන් වහන්සේ ගැන කියැවුනොත් ඔහු ගේ උකුසු ඇසට එය හසු කොට සටහනක් කොට ඇත. විද්වතෙකුට පවා එය දුෂ්කර කටයුත්තකි. අප මධ්‍යස්ථානයෙන් ත්‍රිපිටක පොත් දහය දොළහ එකවර ගෙන යයි. ඔහුට එම විශේෂ අවසරය දී තිබෙන්නේ ඔහුගෙන් වන ශාසනික සේවාව ඇගයීමක් වශයෙනි.

උසස් පෙළ විද්‍යාව හැදැරූ සිසුදරුවෙක් වශයෙන් සිට මෙසේ බුදු දහමේ අස්සක් මුල්ලක් නෑර ගවේශණයට පෙළඹුනේ සසර පුරුද්දක් නිසා විය යුතුය.

සැරියුත් මහ රහතන් වහන්සේ ගේ අද්විතීය සේවාව අගය කරමින් උන් වහන්සේ ගේ චරිතාපදානය මෙසේ බෞද්ධ ලෝකයා හමුවේ හෙළි කිරීමට ගත් අපමණ වෙහෙසින් ගයාන් චානුක විදානපතිරණ සිසුවා රැස් කළ පින කොපමණ යයි කාට කිව හැකි ද? ඔහුට මෙවන් කෘතීන් බිහි කිරීමට තව තවත් ශක්තිය ලැබේවා! ශාසනයේ දියුණුවට උරදෙන මෙවන් දීප්තිමත් දරුවන් තව තවත් රටට ලැබේවා!

මේ වගට - ශාසනස්ථිතිකාමී, 

මඩවල උපාලි ස්ථවිර

Author Gayan Chanuka Vidanapathirana (45)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 9789555518246
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සැරියුත් මහ රහතන් වහන්සේ
Back to Top