රණමඟ ඔස්සේ නන්දිකඩාල් - Hard Bind

by
Special Price රු. 2,700.00 Regular Price රු. 3,000.00
Out of stock
SKU
rana-maga-osse-nandikadal-vijitha-yapa-major-kamal-gunarathna
වසර 30 ක දීර්ඝ කාලයක් ත්‍රස්තවාචයට එරෙහිව දීර්ඝ යුද්ධයක නිරත වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සටන් කරන ලද්දේ මෙතෙක් කල් ලොව බිහිවූ දරුණුතම සහ කෘෘරතම ත්‍රස්තවාදී සංවිධානය ලෙස පිළිගත් ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය ( LTTE ) සමඟය. අද ලොව පුරා ත්‍රස්තවාදීන්ගේ බලගතුම අවිය ලෙස භාවිතා වන මරාගෙන මැරෙන "මිනිස් බෝම්බ" වල අරුමය ලොවට කියා දුන්නේ මෙම සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. කුඩා ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස ආරම්භ කළ එල්ටීටීඊ සංවිධානය පසුකලෙක තවත් අති දක්ෂ යුදධ හමුදාවක් බවට පත්කිරීමට ඔහු සමත් විය.
තම නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ අණ වචනයට ගරුකර තම ජීවිතය නැතිවන තුරු සටන්කිරීමට සැදී පැහැදී සිටි අති දක්ෂ, අත්දැකීම් බහුල සහ පළපුරුදු සටන්කරුවන් දස දහස් ගණනකින් සමන්විත වූ මෙම දරුණු ත්‍රස්තවාදී සංවිධානය 30 වසරක් පුරා දිවුණු යුද්ධයකින් පසු අවසානයේ වසර 2009 දී සහමුලින්ම පරාජය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත් විය. වසර 2009 මැයි 19 වන දින නන්දිකඩාල් ලපුවේදී මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් සටන් කළ 53 වන සේනාංයේ සෙබළුන් විසින් වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු  ජ්‍යෙෂ්ඨ නායකයින් රාශියක් සටනේදී මරා දමන ලද අතර එය ශ්‍රී ලංකාව තුළ එල්ටීටීඊ සංවිධානයේ අවසානය සනිටුහන් කළේය.
1983 සිට 2009 දක්වාම පැවැති සටන් වලට සක්‍රීය දායකත්වයක් සහ සක්‍රීය නායකත්වයක් ලබාදුන් මේජර් ජෙනරාල් මල් ගුණරත්න විසින් මෙම ග්‍රන්ථය ලියන ලද අතර දිගින් දිගටම පරාජයේ අමිහිර අත්දුටු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අවසානයේ ජයග්‍රහණයේ මිහිර අත්දුටු ආකාරය විස්තර කෙරෙන සත්‍ය කතාව මෙහි ප්‍රකාශ කර ඇත.
Author මේජර් ජෙනරාල් කමල් ගුණරත්න - Major General Kamal Gunarathne (7)
Publisher විජිත යාපා ප්‍රකාශන - Vijitha Yapa Prakashana (53)

තිස් වසරක් පුරා දිවූණු යුද්ධයකින් අවසානයේ වසර 2009 දී සහමුලින්ම පරාජය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත්විය.වසර 2009 මැයි 19 වන දින නන්දිකඩාල් කලපුවේදී මේජර් ජෙනරල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් සටන් කළ 53 වන සේනාංකයේ සෙබළුන් විසින් වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් රාශියක් සටනේදී මරා දමන ලද අතර එය ශ්‍රී ලංකාව තුළ එල්ටීටීඊ සංවිධානයේ අවසානය සනිටුහන් කළේය.මේ එම අවසන් මෙහෙයුමේ සත්‍ය කතාවයි.

More Information
ISBN 9789554323711
පිටු ගණන 845
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රණමඟ ඔස්සේ නන්දිකඩාල් - Hard Bind
Back to Top