පෝලිම

Special Price රු. 585.00 Regular Price රු. 650.00
Out of stock
SKU
polima-vladimir-solokin-choolananda-samaranayake-widarshana
Author චූලානන්ද සමරනායක - Chulananda Samaranayaka (58), Vladimir Sorokin (1)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (199)
රජය මඟින් බෙදා හරිනු ලබනා භාණ්ඩ ගැනීමට දින ගණනාවක් බලා සිටිනා මිනිස් පෝලිමක් . අපේක්ෂාව සහ අපේක්ෂා භංගත්වය, ඉවසිල්ල යනුවෙන් වරනැඟෙනා යටහත් බව සහ ඒ් අවසන පැන නැඟෙනා නොඉවසිල්ල සහ කෝපය මෙන්ම මානව සබඳතාවන්හී සංකීර්ණත්වය විදහා පෙන්වන කෙටි සංවාද පෙළක් . මේ ව්ලැදිමීර් සොරෝකින්ගේ ' පෝලිම 'නම් නවකතාවෙහි මතුපිට සිත්තමයි . එහෙත්, මෙහි යටිපෙළින් කියැවනුයේ ලෝක ඉතිහාසයෙහි අසිරිමත්ම සිදුවීමක් එනම් සෝවියට් සමාජවාදී රාජ්‍යය බිහිවීමෙන් පසු එහිම ඇතිවන විපරිණාමය සහ තමන්ගේ යහපත උදෙසාම තම දහදිය කඳුළින් බිහිකරගත් පාලනයක ගොදුරු බවටම පත් ජනතාවකගේ සංවේදී සහ සංකීර්ණ පුවතයි . මෙහි එන දෙබස් පෝලිමෙහි රස්තියාදු වන පුරවැසියාගේ අත්දැකීම කියවන පාඨකයාද නොදැනුවත්වම එහිම සාමාජිකයෙකු බවට පත්කරන තරම් ප්‍රබලය . සෝවියට් බලධාරීන් විසින් තහනමට ලක් කරන ලද මේ අගනා නවකතාව මානව ඉතිහාසයෙහි එක් වැදගත් පරිච්ඡේදයක් කෙරෙහි නව්‍ය වූ ආකෘතියක් හරහා සිදුකෙරෙන සාහිත්‍යමය විචාරයක් මෙන්ම රුසියානු -සෝවියට් සාහිත්‍යයේද කැපී පෙනෙනා කඩඉමක් ලෙස විචාරක සම්භාවනාවට පාත්‍රවෙයි .
More Information
ISBN 9786245087075
පිටු ගණන 321
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පෝලිම
Back to Top