පුංචියි ආච්චියි

Special Price රු. 351.00 Regular Price රු. 390.00
In stock
SKU
punchiy-aachchiy-preethi-randeniya-sarasavi

ඈ කොහේ දෝ සිට කුස්සියට ආවාය. ඇගේ වසඟයට මුලින්ම හසුවූයේ පවුලේ බඩපිස්සී වූ පුංචිය. ඇයට පුංචි නැතුවම බැරිය. පුංචිට ද ඈ නැතුවම බැරිය. ඈ පුංචිට කොතරම් අදරේද යත් මරණින් පසුව පවා ඈ සොයාගෙන එන බව නිතර නිතර ඈ කියයි. පුංචි ඇගේ වසඟයට පත්වන සැටි බලා සිටි සෙස්සෝ ද නොසණ්ඩාලයෝ, වසවර්තියෝ, පෝරිසාදයෝ හා බොණ්ඩිගේ පුත්තු ද කෙමෙන් කෙමෙන් ඇගේ වසඟයට පත්වූහ.

ඇගේ උදව් උපකාර හැම දෙනාටම අවශ්‍යය. ඈ නැති කුස්සිය මළ ගෙයක් වැන්න. ඈ මළ බව ආරංචි වූ විට හැමෝම අඬා වැලපෙන්නට වූහ. ඈ නොමළ බව දැනගත් විට ද හැමෝම හඬන්නට පටන් ගත්හ. තාත්තාට මෙය තේරුම් ගත නොහැකි ප්‍රහේලිකාවකි. ඈ එතරම් ම අපූර්ව පෞර්ෂයකින් මුළු පවුලම වසා සිටි බැවිනි. කුස්සියට ආ ඈ කවුද?

ඈ උපන්නේ ප්‍රීති රන්දෙණියගේ සිතෙහිය. ඉතා සියුම් නිරීක්ෂණ ශක්තියකින් හෙබි ප්‍රීති රන්දෙනිය නිර්මාණය කළ ඈත් ඈ වටා ඈට හිතවත්ව ද, අහිතවත්ව ද සිටි සෙස්සෝත් අප තුළ මහත් ආශ්වාදයක් උපදවති. දරුවන් පමණක් නොව වැඩිහිටියෝ ද මේ නවකතාව එක හුස්මට කියවනු ඇත.

ජේ. බී. දිසානායක.


(සම්මානනීය මහාචාර්ය කොළඹ විශ්වවිද්‍යාලය)

Author ප්‍රීති රන්දෙණිය - Preethi Randeniya (4)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
පුංචියි ආච්චියි ප්‍රිති රන්දෙනිය ඈ කොහේ දෝ සිට කුස්සියට ආවාය.ඇගේ වසඟයට මුලින්ම හසුවූයේ පවුලේ බඩපිස්සී වූ පුංචිය .ඇයට පුංචි නැතුවම බැරිය.පුංචිට ද ඈ නැතුවම බැරිය.ඈ පුංචිට කොතරම් ආදරේද යත් මරණින් පසුව පවා ඈ සොයාගෙන එන බා නිතර නිතර ඈ කියයි.පුංචි ඇගේ වසඟයට පත්වන සැටි බලා සිටි සෙස්සෝ ද නොසන්ඩාලයෝ, වසවර්තියෝ,පෝරිසාදයෝ හා බොන්ඩිගේ පුත්තු ද කෙමෙන් කෙමෙන් ඇගේ වසඟයට පත්වුහ. ඇගේ උදව් උපකාර හැම දෙනාටම අවශ්‍යය.ඈ නැති කුස්සිය මළ ගෙයක් වැන්න. ඈ මළ බව ආරංචි වූ විට හැමෝම අඬා වැලපෙන්නට වුහ. ඈ නොමළ බව දැනගත් විට ද හැමෝම හඬන්නට පටන් ගත්හ .තාත්තා ට මෙය තේරුම් ගත නොහැකි ප්‍රෙහෙලිකාවකි. ඈ ඒ තරම්ම අපුර්ව පෞර්ෂයකින් මුළු පවුලම වසා සිටි බැවිනි.කුස්සියට ආ ඈ කවුද? ඈ උපන්නේ ප්‍රීති රන්දෙනියගේ සිතෙහිය.ඉතා සියුම් නිරීක්ෂණ ශක්තියකින් හෙබි ප්‍රීති රන්දෙනිය නිර්මාණය කළ ඈත් ඈ වටා ඈට හිතවත්ව ද, අහිතවත්ව ද සිටි සෙස්සෝත් අප තුළ මහත් ආශ්වාදයක් උපදවති.දරුවන් පමණක් නොව වැඩිහිටියෝ ද මේ නවකතාව එක හුස්මට කියවනු ඇත. ජේ.බි.දිසානායක (සම්මානනීය මහාචාර්ය කොළඹ විශ්වවිද්‍යාලය )
More Information
ISBN 9789555737159
පිටු ගණන 256
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පුංචියි ආච්චියි
Back to Top