දූවිලි සේල

by
Special Price රු. 400.00 Regular Price රු. 500.00
In stock
SKU
dhoowili-sela-wimal-katipearachchi-ahasa
Author විමල් කැටිපෙආරච්චි - Wimal katipearachchi (4)
Publisher අහස මීඩියා - Ahasa Media Works (97)
"මට එයාව බලන්න පුළුවන්ද?" ''පුළුවන් අපි යමු.'' ඒ කටහඬ කාගෙද කියල හොයන්න මහන්සි නොවුණු විහංගා අමුතු ශක්තියකින් නැගිට්ටා. දොරවල් දෙකක් ඇරුණා. වැහුණා. ඇටෙන්ඩන් කෙනෙක් ඉස්සර වුණා. මේ වතාවේදී පවුකාරයන්ට විලවුන් සුවඳ මග ඇරුණා. කට්ටිය ගියේ වෙන පාරකින්. ඒ කොරිඩෝව ඉදිරියට මඳක් බෑවුම් වු එකක්. මේ පුංචි බෑවුම විශාල අඳුරු අගාධයකට දුක්බර සුරංගනාවයි ඇද දමන පාරක පටන් ගැන්මද? කණුවෙන් කණුව ඊතලයෙන් ඊතලය නොම්මරයෙන් නොම්මරය පහුවුණා. තමන් මොකක්දෝ පාළු රික්තයකට ළඟා වෙමින් තිබෙන බව විහංගාට දැනුණා. මනමාලිත් එක්ක මංගල සභාව ඉස්සරහට ගියා. මනමාලයා හිටියේ නැහැ. ඒත්, මනමාලයා ඉන්න තැනට පාර පෙන්නන්න ඇටෙන්ඩන් කෙනෙක් හිටියා. වමට හැරුණා. දකුණට හැරුණා. වමට දකුණට ආයෙත් දකුණට. වමට හරි දකුණට හරි මිස වෙන කොහෙට හැරෙන්ඩද‍?
More Information
ISBN 9789557861739
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දූවිලි සේල
Back to Top