කඳුළු මාලිගා

Special Price රු. 840.00 Regular Price රු. 1,050.00
Out of stock
SKU
kadulu-maliga-kumara-siriwardhana-susara
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (801)
‍"ඉන්න" "මා මෙතැනි සිටිනවා. මගේ අර්ජුමාන් ඇයි මේ?" "නින්ද." ඇය මිමිනුවාය. "මා ඉක්මනින්ම නින්දට යා යුතුයි. මා ළඟින්ම ඉන්න." අධිරාජ්‍යයා ඇගේ නළලත සිප ගත්තේය. "හීනයක් වගේ... ඔව්... හීනයක් වගේ ඔබේ මුහුණත් මට බොඳ වී පෙනෙනවා." "සන්සුන් වන්න..." අධිරාජ්‍යයා ඇගේ දෑත තදින් අල්ලා ගන්නා අතරතුර අණ කළේ වහා වෙදැදුරු කැඳවන ලෙසිනි. "මගේ ප්‍රේමවන්තය, ඉතා තද නිදිමතක් මට දැනෙනවා. ඒ් නින්දට නොවැටී මට වැඩි වෙලාවක් මෙසේ ඉන්නට බැහැ." ඔහුගේ හුස්ම තම මුහුණට වැදීම පවා අර්ජුමාන්ට සුවයක් වුයේය. "ඔබ මට පොරොන්දුවක් විය යූතුයි." "ඔබ ඉල්ලා සිටින කුමක් වුවත් මගේ ආදරිය." ෂා ජහාන් අධිරාජ්‍යයාගේ දෙනෙතින් ගලා ගිය කඳුළු කැට ඔහුගේ කම්මුල් හරහා පහළට රූටා ඇගේ ගෙල පෙදෙස තෙත කළේය. ඇය ඔහුගේ දෙනෙත් පිසලන්නට උත්සාහ දැරූවද තම දෑත් සොලවන්නට ඇයට අසීරු වුයේය. "මගේ ආදරණීය ෂා ජහාන්. නැවත විවාහවන්න එපා. මට පොරොන්දු වන්න. නැවත විවාහ වුව‌හොත් මගේ පුතුන් ඇගේ පුතුන් හා සටන් කරාවී. මෝගල් අධිරාජ්‍යය රුධිරයෙන් නැහැවී යාවි... දරුවන් සියලුදෙනාට එකිනෙකාට ආදරය කරන්න උගන්වන්න.ඔවුන් සියලු දෙනාට සමව සලකන්න." "මම පොරොන්දු වෙනවා." "ඒ් වගේම පොරොන්දු වන්න..." දිගු නින්දට වැටෙන්නට පෙර සදාකාලිකව තම හදවතට සහනය ළඟා කරවන වචන පෙළක් ෂා ජහාන් අධිරාජය්‍යාගේ මුවින් අසා ගන්නට ඇයට අවශ්‍යව තිබිණි.... "මේ අර්ජුමාන් කවදාවත් ම අමතක කරන්නේ නැහැ කියා." "නැහැ කවදාවත්ම කවදාවත්ම අමතක කරන්නේ නැහැ." සිය මුහුණ කඳුළින් තෙමී යද්දී ෂා ජහාන් අධිරාජය්‍යා තම මුහුණ නැඹුරු කොට ඇගේ දෙතොල් සිප ගත්තේය. ජීවිත කාලය පුරා එක මෙක හදවතකට ප්‍රේම කළ ආදරවන්තියගේ අවසන් සුසුම් පොද තම ප්‍රේමවන්තයාගේ හාදුව සමඟ එකතු වුයේය.
More Information
ISBN 9789553310903
පිටු ගණන 310
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කඳුළු මාලිගා
Back to Top