කාන්තාරයේ දරුවෝ

Special Price රු. 560.00 Regular Price රු. 700.00
In stock
SKU
kantharaye-daruwo-waris-dirie-ranjith-kuruppu-surasa
''කාන්තාරයේ දරුවෝ' කතුවරිය වන වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ්‍යෙව්දිනී කොරින්නා සමඟ එක්ව ස්ත්‍රී චර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත.

අප්‍රිකානු කාන්තාවෝ ඔවුන් ගේ චාරිත්‍රයකට අනුව ස්ත්‍රී චර්මඡේදනය නැමැති ව්‍යසනයට ගොදුරු වෙති. යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද්‍රිය අලංකාර කරගැනීම සදහා චර්මඡේදනය කරවා ගනිති. අප්‍රිකානුවන් පසුගාමී මිලේච්ඡ කොටසක් වශයෙන් සලකන මේ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්නා යුරෝපීය කාන්තාවෝ බුරුතු පිටින් කෘතිම රූපලාවන්‍ය සායනයන් වෙත ගොස් නීත්‍යානුකූල චර්ම‌ඡේදනය කරවා ගනිති. යුරෝපීය කාන්තාවන් අතර සිදුවන ස්ත්‍රී චර්මඡේදනය ගැන සොයා බැලීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක් නම් ස්ත්‍රී ලිංගේන්ද්‍රයේ පෙනුම සම්බන්ධව ඔවුන් තුළ කිසියම් පරමාධ්‍යාංශයක් නැතිනම් කල්පිතයක් තිබෙන බවයි. ස්ත්‍රී චර්ම ඡේදනය සිදුවන්නේ පුරුෂ පක්සයේ අවශයතාවයක් මත බවයි. එසේ නම් යුරෝපයේ තත්ත්වය ‌කෙසේද? යුරෝපය තුළද පුරුෂ පක්ෂය තුළ ඇති සෞන්දර්යය සංකල්පයට අනුව ස්ත්‍රිය ක්‍රියාකරන බැවි පැහැදිලිව පෙනෙන්නට ති‌බේ. එසේ නැතිනම් ස්ත්‍රී ලිංගේන්ද්‍රිය අලංකාර කරගනු වස් මෙවැනි කෘතිම රූපලාවන්‍ය සදහා වෛද්‍ය සායන පවතින්නේ කෙසේද?

ෂල්මන් රෂ්ඩි නමැති ශ්‍රේෂ්ඨ ගත්කරුවාමෙසේ පවසා ඇත. ''ඔබ පින්තූරයෙන් පිටතට පැමිණෙන තුරු ඔබට සම්පූර්ණ පින්තූරය දැකගැනීමට නොහැකිවනු ''

පින්තූරයෙන් එළියට පැමිණෙන්නට දැන් කාලය එළඹ ඇත.

Author රංජිත් කුරුප්පු - Ranjith Kuruppu (11), Waris Dirie (1)
Publisher සුරස - Surasa (fast publishing) (613)
More Information
ISBN 9789551822668
පිටු ගණන 162
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කාන්තාරයේ දරුවෝ
Back to Top
Related Products