මුළුතැන්ගෙයි ලේඛකයා

Special Price රු. 1,200.00 Regular Price රු. 1,500.00
In stock
SKU
muluthangei-lekhakaya-albert-singa-susara
Author සිංහ වික්‍රමසිංහ - Singhe Wickramasinghe (5), Albert Facey (1)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (815)
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ උපත ලද ඇල්බට් ෆැසී ජීවිතයේ කිසි දිනෙක පාසලකට ඇතුළු වී අධ්‍යාපනය ලද්දෙකු නොවේ ඔහුගේ ළමා කාලය ගතව ගියේ කියවීමේ හෝ ලිවීමේ කිසිදු හැකියාවක් නොමැති දරුවෙකු වශයෙනි. එහෙත් කියවීමට හා ලිවීමට හෙතෙම දක්වන ලද උනන්දුව හේතුකොට ගෙන තරුණ වියට එළැඹෙන විටම හේ කිසියම් ප්‍රමාණයකට කියවීම හා ලිවීම ප්‍රගුණකොට ගෙන තිබිණ. එයට එකම හේතුව වුයේ හෙතෙම තමන් තුළ පැවත‍ි අසීමිත දිරිය යොදවා කිසිදු අලසකමකින් තොරව උත්සාහයෙන්ම ඉගෙනීම් කටයුතු වල නිරතවීමයි. කිසි දා පාසල් නො ගිය කියවීමේ හා ලිවීමේ හැකියාවකින් තොරව ළමා විය ගෙවී ගිය ෆැසී ජීවිතයේ අවසන් සමයේ දී ගත්කතුවරයෙක්ව ශයෙන් ප්‍රසිද්ධියක් ලබා ගැනීම කිසිවිටෙකත් නොසිතිය හැකි ආකාරයේ අසාමාන්‍ය සිදුවීමකි. මෙම කෘතිය හේතුකොට ගෙන හේ බෙහෙවින් ප්‍රසිද්ධියට පත්වීමට අමතරව අතිශයින් සම්මානනීය ත්‍යාග කිහිපයක් දිනාගැනීමට සමත් වීමත් වසරේ ඕස්ට්‍රේලියානුවා යන ගෞරවනීය රාජ්‍ය සම්මානය දිනාගැනීමට සමත් වීමත් නිසා ෆැසීගේ සුවිශේෂත්වය දෙගුණ තෙගුණ වේ.
More Information
ISBN 9789553300010
පිටු ගණන 572
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මුළුතැන්ගෙයි ලේඛකයා
Back to Top