හිරු යට මරු

Special Price රු. 405.00 Regular Price රු. 450.00
Out of stock
SKU
hiru-yata-maru-agatha-christie-siril-gunawardhana-sarasavi

හෝටල් භූමියට සුරූපී ආර්ලිනා මාර්ෂල් පය තැබූ වේලේ සිට හැම දෙනා කතා වූයේ පිරිමින් වහ වැටී සිටි ඇගේ කාමාශක්ත දේහ විලාශය ගැනය. පසු දින උදය වරුවේ ඇය වැතිර සිටින්නේ වෙරළේ අන් අය නොගැවසෙන කොටසකය. තම මෝහනීය රන් පැහැ දේහය වැල්ලේ දිගාකොට මුනින් අතට හැරී ඇය මේ සිටින්නේ හිරුගේ උණුසම විඳිමින් නම් නොවේ. ගෙල සිරකොට ඇයව මරා දමා ඇත.
මේ අවාසනාවන්ත සිද්ධිය පිලිබඳ විවිද අදහස් පල කරන සංචාරක අමුත්තෝ ඊට පොදු හේතුව ලෙස ආර්ලිනගේ සීමිත ආශාවන් දක්වා සිටිති. අපරාදය කල අය හැටියට දහසය වියැති දැරියක්, තවත් අවිවාහක ව්‍යාපාරිකාවක් ඇතුළු පිරිමිහු කීප දෙනෙක් ගැන සැක පහල කෙරේ.
මත්ද්‍රව්‍ය ජාවාරමක් මීට සම්බන්ධ යැයි සිතන ප්‍රධාන පොලිස් පරීක්ෂක කර්නල් වෙස්ටන්, මේ ගුප්ත සිද්ධිය සෙවීමට ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසිය කැඳවන්නට සිතන නමුුදු බෙල්ජියානු උත්පත්තියක් ඇති රහස් පරීක්ෂක පොයිරෝ තම සියුම් කලපනාව මෙහෙයවා සියලු රහස් අනාවරණය කර ගනී.
Back to Top