වස්සානය ඇවිදින්

Special Price රු. 1,350.00 Regular Price රු. 1,500.00
Out of stock
SKU
wassanaya-awidin-nishee-botheju-nishee-publications

"යන්නම ඕනෙද..?

මනීෂ්ගේ වචනවල තිබුණේ ලොකු අසරණකමක්.

"ඉන්න ඕනේ.. ඒත් අපිට එකට ඉන්න අයිතියක් නෑ මනීෂ්..”

“ඒ කියන්නේ තමුසෙට පුළුවන් මාව අමතක කරන්න..”

තප්පරයක්වත් යන්න කලින් ඒ ඇස් රතු වෙලා ගිහින්. මරන්න තරම් කේන්තියෙන්ද..? නෑ.. ඒ් මැරෙන්න තරම් ආදරේ නිසයි. ඇස් පිහාටුවලට බර වැඩි වෙලා එළියට පනින්න දඟලන කඳුළු රඳවගන්න උත්සාහ කරන මනීෂ්ගේ ඇස් ලොවි ගෙඩි පාටට හැරිලා. තොල කට වෙව්ලනවා. කේන්තියයි දුකයි දෙකම දරාගන්න බැරුව රතු වෙලා ගිය ඒ මූණ දිහා බලාගෙන ඉන්න බැරි තැන නෙහාරා බිම බැලුවා. උදේ ඉඳලාම වහින්න ඔන්න මෙන්න වගේ බරවෙලා තිබුණ අහසටත් තව දුරටත් දරාගෙන ඉන්න බැරුව මහ හයියෙන් එකපාරටම වහින්න පටන් ගත්තා.

Back to Top