Back to Top
සිඳු රැළි මැද මා
Special Price
රු. 2,115.00
Regular Price
රු. 2,350.00
Out of stock
SKU
sindu-rali-mada-ma-waruni-wasawadaththa-deshpriya-nohandunanni
හුදකලා කඳුළු නෙතැ'තිව පිසලන කෙනෙක් නොමැතිව සැඳෑ සෙවණැලි මැදින් සැඳෑ තරු කැට යටින්
ඔබ ඉන්න ඔබට රිසි ලෙසින්...
නැගෙන ඉකි ඔබෙන් සගවා දැනෙන තනි, තනිව මතුරා වසර මිලියන ගණන් සපුරා දරා ඉමි ඔබ, මම සිතම පුරවා
මම රැඳෙමි ඔබ පෙනෙනා දුරින්...
මට දෙනවද ඔය මුතු කඳුලු බිංඳු සැගවෙන්නට පෙර කොපුල් සුළි මතින්
වියලෙන්නට පෙර මුදු පවන් රැල් වලින්...
ඇහිදාර යටින් මුතු ඇහිඳිමි මං නොරිදෙන සේ ඇගිලි තුඩු වලින්
ඔබ බලා ඉන්න දිලිසෙන තාරකා ඇහින්...
ආදරයේ වර්ණ යොදා ඉඳුවර සිහින සදා මුතු තවරන්නද මං දෙතොල් තෙලිතුඩින්
මා පොඩි කළ සුමුදු පෙති මතින්...