කිසා

Special Price රු. 675.00 Regular Price රු. 750.00
In stock
SKU
kisaa-nuwan-gammampila-kbooks-publishing

හති වැටුණ හවසක

මරා උඩු හිත මම

කලාතුරකින් එන

නිරාමිස සැපතක

 

අකීකරු මත් ගද

නාස කුණුකල වුව

ආත්මය සුවද බව

කියා දුන්නේ නුඹ

 

පලායන බව හෙට

දැන දැනත් උරමත

තැබූ උඹෙ උණුසුම

නිවන තරමයි මට.

 

මත් වෙන්න තව තවම

හොයන්නෙ නුඹෙ දෙනෙත

නිවෙන්නට පෙර ලෙසම

යදින්නේ ලැම යහන

 

පිපෙන්නට මට හිතෙන

විටක ඇයි තව දුරක

කිසා උඹ මගෙ අහස

මම ගොළුයි දුර බිමක

 

Back to Top