විරාගය

by
Special Price රු. 585.00 Regular Price රු. 650.00
In stock
SKU
viragaya-martin-wickramasinghe-sarasa
ඇතුළු හදටම ඇරුණු සිත් ඇත්තකු වු අරවින්ද ස්වයං විවේචනයෙන් තම සිතැඟි සියල්ල නොපැකිළව හෙළි කළ තරුණයෙකු වී ය. ආසාවන් තුනී කරගෙන ජීවත්වන්ට වෑයම් කළ ඔහුට මැඩගත නොහැකි වුයේ ස්ත්‍රීන් නිසා උපන් ආසාව පමණි. සරෝජනීට හා බතීට දුරින් සිට ඔහු ආලය කළේ පොදු ජීවන රටාවෙන් ඈත්ව ජීවත්වීමට තැත් කළ කෙනෙකු නිසාය.

අරවින්ද තමාගේ චරිතයෙහි හොඳතැන් මෙන්ම නරක තැන් ද අහුමුළුවල සැඟවුණ අශෝභන ගති ද හෙළි කරන්නේ පාපෝච්චාරණයෙන් ආත්ම විශුද්ධිය පතන්නෙකු ලෙසිනි.

විරාගය ‌ශෝකාන්ත අධ්‍යාත්ම නාටකයකි.

1956 දී පළ වූ මෙම නවකතාව මෙතෙක් සිංහලෙන් බිහි වූ විශිෂ්ඨතම නවකතාව බව විචාරකයින්ගේ මතය යි.විරාගය දෙමළ,ඉංග්‍රිසි, ප්‍රංශ හා ජපන් භාෂා වලින් ද පළ වී ඇත.

Back to Top