ඉහිරුණු කිරි

Special Price රු. 441.00 Regular Price රු. 490.00
In stock
SKU
ihirunu-kiri-priyanka-amarathunga-sarasavi
''පියුමී..''
නෝනක්කාගේ කටහඬ දුරින් ඇසිණ.
''පියුමී..''
එවර මවගේ කටහඬ ළඟින් ඇසිණ. එහෙත් පියුමි හිස ඔසවා මව දෙස නොබැලුවාය.
''මොනවයි හොයන්නේ..? මොනවත් නැතිවුනයි..?''
මව ඇසුවාය. සිහිනයෙන් බිය වුවාක් මෙන් පියුමි මව දෙස බැලුවාය..
''ඔව්… නැති වුනා… ඉස්සර වෙලාම මගේ පහන් මහත්තයා නැතිවුනා.. ඊට පස්සේ හැමදේම නැති වුනා. ගෙවල් දොරවල්.. සැප සම්පත්.. මගේ ආත්මය.. ඔක්කොම නැතිවුනා.. දැන් මේ හොයන්නේ මනුස්සකම..''
පියුමිගේ හදවත කතා කළ මුත් එය මවට ඇසුණේ නැත. දෑස් ලොකු කරගෙන තමා දෙස බලා සිටින දියණිය දුටු නෝනක්කා බිය වුවාය..
''කතා කරපන් පියුමියෙ… උඔ කාට හරි බයවුනයි..?''
''ඔව්..බය වුනා.. සමාජෙටම බය වුනා.. වෙස් මුහුණු දාගෙන මාව රවට්ටපු මිනිස්සුන්ට බය වුනා..''
එවරද කතා කළේ පියුමි නොව, ඇගේ හදවතය.
Back to Top