කතා අහුර

Special Price රු. 495.00 Regular Price රු. 550.00
Out of stock
SKU
katha-ahura-martin-wickramasinghe-sarasa

මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කතා රීතියේ විකාශනය පිළිබිඹු කෙරෙන 'කතා අහුර' සිංහල සාහිත්‍යය උගන්වන ගුරුභවතුන්ට හා එය හදාරන සිසුන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයකි.

1924 වර්ෂයේ එළි දුටු පළමු ලාංකික යථාර්ථවාදී කෙටිකතා සංග්‍රහය වන 'ගැහැනියක්' ග්‍රන්ථයේ පටන් තිස් වසරක් තුළ වික්‍රමසිංහයන් අතින් ලියැවුණු කතා දහනවයක් මෙම කතා එකතුවේ අඩංගු වෙයි.

මඩොල් දූව, අපේ ගම, රෝහිණී යන ග්‍රන්ථයන්හි එන රසභාව පූර්ණ කතාංග කිහිපයක් ද එක් වීම නිසා මේ කෙටි කතා සංග්‍රහය විචිත්‍ර බවින් අනූන ය.

'කතා අහුර' සංග්‍රහ කළ ලාල් ප්‍රේමහාත් ද මැල් මහතා විසින් වික්‍රමසිංහ සාහිත්‍ය මෙහෙවර අරභයා ලියන ලද අනගි පෙරවදන ද මේ පොතට ඇතුළත් ය.

Back to Top