අහසයි ඔබ මට

Special Price රු. 288.00 Regular Price රු. 320.00
In stock
SKU
ahasai-oba-mata-niwton-gunasekara-dayawansha

අහසයි ඔබ මට…

නිව්ටන් ගුණසේකර

මිනිසා සහ ඔහු නිවසන සමාජය අතර සිදුවන නිරන්තර කායික හා මානසික ගැටුම මිනිස් දිවි පතුලේ අඳුරු අහුමුලුවලට කාවදිමින් ප්‍රසාරණය වන්නකි. එම දිවි පුවත යථාර්ථ රීතියකින් යුතුව ප්‍රතිනිර්මාණය වන නිව්ටන් ගුණසේකර ගේ "අහසයි ඔබ මට" නවකතාව කියවා නිමවන විට හැඟීයන්නේ ආත්මාර්ථය හා අසම්මතය පසුපස හඹා යන ගැහැනුන් හා මිනිසුන්ගේ දුක්ඛදායක ඉරණමයි. සැබවින්ම දිවිකතරේ අතරමං වෙන එම මිනිසුන්ගේ දුක්මුසු ඉරණම පාඨක සිත තුළ දැඩි තිගැස්මක් මෙන්ම ප්‍රබල කම්පනයක් ද ඇති කරවයි.

සමාජ හා පුද්ගල යථාර්ථ ධාරා දෙකම ගැඹුරින් ග්‍රහණය කරගැනීමට කතුවරයා මෙම නවකතාවෙන් දරා ඇති ප්‍රයත්නය ඇත්තෙන්ම පැසසුම් කටයුතුය.

Back to Top