Back to Top
ගැහැනු පිරිමි මල් පලතුරු
Special Price
රු. 280.00
Regular Price
රු. 350.00
In stock
SKU
gahanu-pirimi-mal-palathuru-isuru-chamara-grantha
"මං ගෝමරංකඩවල .. එහෙ ඉඳලත් හැතැම්ම පහක් විතර ඇතුළෙ... අර කොටි ගමම කැපුවෙ, ඒ අපේ ගම තමා - රංපත් කුඹුර, මං එතකොට තුනේ,අපේ අම්මයි, තාත්තයි, චුටි නංගියි, කිරි අම්මටයි... ඔක්කොම මළා.. ඔක්කොටම උං කෙටුවා,තිරිසන්නු..,මං පැදුරු මිටිය අස්සේ හැංගිලා බලන් උන්නා... අම්මෝ ඒ විස්තර අහන අහන අයට කියලම එපා වෙලා,හැමෝම මගෙන් ඒකමයි අහන්නේ.පහුවලා දවල් අල්ලපු ගමේ රාං මාමලා එනකම්ම මං මිනී දිහා බලං පැදුරු ආනෙම උන්නා.දවල් වෙද්දි නිලමැස්සොත් ඇවිත්.රං මාමලා ආවමත් මං එළියට ආවෙ නැහැ.මට හිතුණෙ මාත් මැරිලා කියලා, පැදුරු ආන අදිද්දියි මාව අහුවුණේ..."
එවිට මට දැනුණේ සාන්තගේ අත් මගේ වටා එතෙන බවයි.ඔහු මා තුරුළු කරගනිමින් සිටියේය.එය මට සැනසුමකි.ඔහුගේ කම්මුල මගේ කම්මුලේ ගෑවෙමින් තිබිණි.එහි තෙතක් විය.ඔහු හිර කරගත් ඉකියකින් යුතුව හඬමින් සිටියේය.