පිටසක්වළ ජීවීන්ගේ පැවැත්ම සහ අඟහරු වැසියෝ

Special Price රු. 450.00 Regular Price රු. 500.00
Out of stock
SKU
pitasakwala-jiwinge-agaharu-wasiyo-jayarathna-ihala-prathiba

සියවස් ගණනාවක සිට අහසේ දිස්වන හඳුනා නොගත් වස්තු පිළිබඳව මිනිසා විවිධ අර්ථකථන සපයා තිබේ. ලොව නන්දෙසින් වාර්තාවන අභිරහස් යානා පිළිබඳව නිවැරදි පහදා දීමක් මෙතෙක් සිදු වී නැත. ඇත්තෙන්ම මේවා පිටසක්වළ සිට පැමිණෙන යානාවන් ද? එසේ නැතහොත් කිසියම් ආකාරයක දෘෂ්ටි මායාවන් ද? ජීවය සඳහා අවශ්‍ය සාධක පවතින්නේ පෘථිවියේ පමණක් යැයි කිසිවෙකුටත් කිව නොහැකි ය. පිටසක්වළ ජීවීන් වේ නම් ඔවුන් අතර බුද්ධිමත් ශිෂ්ටාචාරය පැවතීමේ හැකියාව ද බැහැර කළ නොහැකි ය. අතිශයොක්තියෙන් තොරව බුද්ධිමතුන් අතර විවාදයට තුඩු දුන් සංසිද්ධි පමණක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ. මේ අතර 2030 න් උදාවන දශකයේ දී අඟහරු මත මිනිස් ජනාවාස ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක වෙයි. අඟහරු මත ජීවයක් පවතින්නේ නම් ඔවුන් මිනිසා පිටසක්වළ ජීවියෙකු ලෙස හඳුනා ගනු ඇත.

Back to Top