මේක අපේ ජාලෙ කඩේ
සම්මත අධ්‍යාපන සුදුසුකම් ලැබ විවිධ බාධක ජය ගනිමින් ස්වෝත්සාහයෙන් නැගී සිට කෝටිපතියන් බවට පත් වූ දිරිය තරුණයන් දෙදෙනෙකුගේ උපහාසාත්මක විනෝදකාමී රසබර කතාන්දරයයි.
ඔයා ඉස්කෝලෙන් අයින්වෙලා රස්සාවල්වලට ඇප්ලිකේෂන් දදා ඉන්නවා !
ඔයා A/L කරලා කැම්පස් නොගිහිං මොන මොනවා හරි COURSES කැලා ආයතනයකට රිංගගෙන තමන්ගේ ජොබ් එකෙන් කිසිම ආත්ම තෘප්තියක් නැතුව ඔහේ කරන්නන් වාලේ ජොබ් කරකර ඔහේ ඉන්නවා....!
ඔයා කැම්පස් ගිහිල්ලා ඩිග්රි ගහලා හරි හමං ජොබක් සෙට් වුණේ නැනේ කිය කිය කම්පා වෙවි ඉන්නවා...!
ඔයා කර කර හිටපු ජොබ් එකෙන් අස්වෙලා ගෙදරට වෙලා ඔයාගේ අනාගතේ ගැන හිත හිතා ඉන්නවා....!
ඔයා රෑ වෙනකල් ඇහැරං ඉඳලා පහුවලා පස්ස පැත්තට එළිය වැටෙනකං කාලකණ්ණි කිය කියා බැනුම් අහ අහ බුදියගෙන ඉන්නවා....!
ඔයා උදේ ඉදන් රෑ වෙනකල් FB එකේ අනික් අයගේ ප්‍රොෆයිල්වලට හොම්බ දදා ඉන්නවා......