යශෝධරා - නෙලුම් මලේ කුමරිය

Special Price රු. 1,615.00 Regular Price රු. 1,900.00
In stock
SKU
yashodhara-william-burrett-ananda-amarasiri-sooriya

සිද්ධාර්ථ යශෝධරා ප්‍රේම පුරාවෘත්තය චිත්තාකර්ෂණීය වන්නා සේ ම එය සමස්ත මනුෂ්‍ය වර්ගයා ගේ ආධ්‍යාත්මික විමුක්තිය අරබයා කැප වූ මනුෂ්‍යයන් දෙදෙනෙකු පිළිබඳ වෘත්තාන්තයක් ද වන්නේ ය.

පුරාණ දඹදිව විසූ රජ කුමරියක්, තමා පෙම් බැඳි රජකුමරා, ආත්ම විමුක්තිය සොයා යන අද්විතීය ගමනක යෙදෙනු පිණිස පාරමිතා පූරිත ව සිටින බව වටහා ගනියි. ඔහු ඇය හැර දමා උත්තම මාර්ගයට ප්‍රවේශ වෙයි. ධෛර්ය සම්පන්න ව ජීවිතයට මුහුණ දෙන කුමරියද තමාට අනන්‍ය වූ මාර්ගයක ගමන් අරඹයි. ථෙරවාද හා මහායාන මූලාශ්‍රද, ජනප්‍රවාදය ද ඇසුරු කොට ගෙන, අලංකාරවාදී අද්භූත රීතියෙන් බැහැරව, යථාර්ථ රීතියෙහි පිහිටා, සිද්ධාර්ථ - යශෝධරා චරිත දෙක ප්‍රතිනිර්මාණය කරන විලියම් ඊ. බැරට් කතුවරයා, ඒ සඳහා තමා කළ පර්යේෂණය ඇසුරින්, බුදු දහම, හින්දු දහම හා ඉන්දියාව පිළිබඳව ලියැවුණු වෙළුම් 430ක් ඇතුළත් පුස්තකාලයක් ගොඩනැඟුණු බව ද, බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වූ ආනන්ද කුමාරස්වාමි ගේ අනුග්‍රහය මේ නිර්මාණ කාර්යයෙහි දී තමාට ලැබුණු බවද සඳහන් කරයි.

Back to Top